ටිබෙට්හි උපන් ෂර්පා නවං ගොම්බු සහ ඇමරිකානු ජිම් විටෙකර් 1963 මැයි 1 වැනිදා එවරස්ට් කඳුමුදුනට ළඟාවූහ. ඔව්හු කඳු මුදුනට ළඟා වෙද්දී මුදුනතට පළමු පියවර තැබීමේ ගෞරවය ගැන දෙදෙනාම කල්පනා කළෝය. විටෙකර් ගොම්බුට ඉදිරියට යාමට සංඥා කළ අතර ගොම්බු සිනහවී “ලොකු ජිම් මුළින්ම ඔබ!” යයි කීවේය. අවසානයේ ඔව්හු දෙදෙනම එකවර මුදුනතට පය තැබීමට තීරණය කළහ.

යටත්කමක් පෙන්වන ලෙස පාවුල් පිලිප්පි ඇදහිලිවන්තයින් දිරිමත් කළේය. “නුඹලා එක් එක්කෙනා තම තමන්ගේ කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න” (පිලිප්පි 2:4). ආත්මාර්ථකාමීත්වය සහ තමන් ගැන ඉහළින් සිතා සිටීම සෙනඟ බෙදීමට පත් කරයි. එහෙත් යටත්කම, “එකඟව… එක්සිත්ව සිටීම” පිණිස අවශ්‍ය ගුණාංගය වන බැවින් අප එක් කරයි (2 පදය).

දබර සහ එකඟ නොවීම් ඇතිවූ විට අප හරි බව පෙන්වීමට අපට ඇති අයිතිය අත්හැරීමෙන් එ්වා නිවා දැමිය හැකිය. අපගේ කැමැත්ත ඉල්ලා සිටිනවා වෙනුවට කරුණාවද මෘදුකමද පෙන්වීමට යටත්කම අප කැඳවයි. “එකිනෙකා තම තමාට වඩා වෙනත් කෙනෙක් උතුමැයි යටත්කමින් සිතාවා” (3 පදය).

යටත්කම පුහුණු වීම, අප වෙනුවෙන් “කුරුසියේ මරණය දක්වා යටත්වූ” යේසුස්වහන්සේ මෙන් වීමට අපට උපකාර වේ (7-8 පද). යේසුස්වහන්සේගේ පියවර අනුගමනය කිරීම යනු අපට හොඳ දෙයින් ඉවත්ව අන් අයට හොඳම දෙය කිරීමය.