වසර කිහිපයකට පෙර පවුලේ ඛේදවාචකයක් ගැන මා ලියූ පසු “අපගේ දිනපතා භෝජනය” පාඨකයෙකුගෙන් මාහට ලිපියක් ලැබිණි. “ඔබ ඔබගේ ඛේදවාචකය ගැන ලියූ විට ‘ලේඛකයන් සැබෑ ගැටළු තිබෙන සැබෑ පුද්ගලයන් බව’ මට දැනුනා.” එය කෙතරම් සත්‍යයක්ද. මෙම ලිපි ලියන පුද්ගලයන් ලැයිස්තුව ගැන කල්පනා කරන විට පිළිකාව, අකීකරු දරුවන්, ඉටු නොවූ සිහින සහ තවත් බොහෝ අලාභ ඔවුන්ගේ ජීවිත වල මම දකිමි. අපි, අපගේ සැබෑ ගැටළු තේරුම් ගන්නා සැබෑ දෙවියන්වහන්සේ කෙනෙකු ගැන ලියන සමාන්‍ය සැබෑ පුද්ගලයින් වෙමු.

ජනප‍්‍රිය සැබෑ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පාවුල් අපොස්තුළුවරයා කැපී පෙනේ. ඔහුට ශාරීරික ගැටළු විය, නඩු හබ තිබිණ. ඔහුට විසඳා ගැනීමට අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳ ප‍්‍රශ්න තිබිණ. එ් සියලු අවුල් යථාර්ථයන් මැද ඔහු අපට ආදර්ශයක් සකසා දුන්නේය. “සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න, අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම්සේද එසේ හැසිරෙන්න බලා ගන්න” යනුවෙන් පිලිප්පි 3:17හි ඔහු කියයි.

අප අවට සිටින ශුභාරංචිය සහ යේසුස්වහන්සේ අවශ්‍ය සෙනඟ, සම්පූර්ණත්වයෙන් පිරි අපගේ ගැළවුම්කරුවාණන් වෙත ඔවුන්ට මඟපෙන්විය හැකි විශ්වාසවන්ත සෙනඟ සොයමින් සිටිති. එහි අර්ථය නම් අප සැබෑ පුද්ගලයන් විය යුතුය.