අපගේ පුත‍්‍රයාගේ දඟකාරකම් නිසා ඉතා අභියෝගාත්මක කාලයක් තුළින් අප ගමන්කරන අතර, දිනක් සභාවෙන් පසු මිතුරෙකු මා පසෙකට ඇද මෙසේ කීවේය. “මම ඔබටත් ඔබගේ පුත‍්‍රයාටත් හැමදාම යාච්ඤා කරනවා. මම කැමතියි ඔබ එය දැනගන්නවාට. මගේ හිතේ දොස් කීමක් තිබෙනවා” ඔහු කීවේය. “එ් ඇයි?” මම ඇසුවෙමි.

“ඊට හේතුව මට අකීකරු පුත‍්‍රයො සමඟ ක‍්‍රියා කිරීමට සිදුවී නැහැ. අපේ ළමයි සමාන්‍යයෙන් කීකරුයි. එය මම කළ දෙයක්වත් නොකළ දෙයක්වත් නොවේ. ළමයි එයාලගේම තීරණ ගන්නවා” යැයි ඔහු කීවේය.

මට ඔහු සිප ගැනීමට සිතුනි. ඔහුගේ සානුකම්පාව, මාගේ පුත‍්‍රයා සමඟ සටන දෙවියන්වහන්සේ දන්නා බවට සන්නිවේදනය කරන මතක් කිරීමක් සහ දෙවියන්වහන්සේ මට දුන්නාවූ දීමනාවක් විය.

අකීකරු පුත‍්‍රයන් සමඟ පොරබැදීම ගැන අපගේ ස්වර්ගීය පියාණන් තරම් තේරුම් ගන්නා කිසිවෙක් නැත. ලූක් 15හි ඇති අකීකරු පුත‍්‍රයාගේ කතාව අපගේ මෙන්ම දෙවියන්වහන්සේගේ ද කතාවය. යේසුස්වහන්සේ එය කීවේ මැවුම්කරුවාණන් වෙත අවුත් උන්වහන්සේ සමඟ ප්‍රේමණීය සම්බන්ධතාවක ඇති උණුසුම සොයාගත යුතු සියලු පව්කරුවන් වෙනුවෙනි.

යේසුස්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව දුර සිට අප දෙස බලා සිටින මාංශවත්වූ දෙවියන්වහන්සේය. උන්වහන්සේ අප වෙත දුව ඇවිත් අප වැළඳ ගන්නා දෙවියන්වහන්සේය. උන්වහන්සේ, පසුතැවිලිවී නිවසට එන පව්කරුවා පිළිගන්නාවූ ස්වර්ගීය සිපගැනීම ය (20 පදය). දෙවියන්වහන්සේ දොරකඩ පහන දල්වා තැබුවා පමණක් නොව, උන්වහන්සේ එළිපත්ත මතට වී අප එනතුරු මඟ බලා සිටිමින්, අපට හඬගානසේක.