මා රැකියා ස්ථානයක වැඩමුළුවක් පවත්වා අවසන් කළ පසු මැදි වියේ පුද්ගලයෙකු මා වෙත පැමිණ මෙසේ ඇසුවේය. “මා මගේ මුළු ජීවිතය පුරා කිතුනුවෙකුව සිටිනවා. එහෙත් මා ගැන මගේ බලාපොරොත්තු නිතර කැඩෙනවා. මා නොකළ යුතු බව දන්නා දේවල් මම නිතර නිතර කරන්නේත් මා කළ යුතුදේ බොහෝ වේලාවට නොකරන්නේත් ඇයි? දෙවියන්වහන්සේට මා එපා වෙන්නේ නැද්ද?” අවට සිටි දෙදෙනෙකුද මා දෙන පිළිතුර ගැන උනන්දුවක් දැක්වූ බව පෙණිනි.

එය පාවුල් අපොස්තුළුවරයා පවා අත් දුටු පොදු සටනකි. “මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමතිදේ නොව මා ද්වේෂ කරනදේය” (රෝම 7:15). එහෙත් යහපත් ආරංචිය නම් කළකිරීම නැමති උගුලේ අප සිටීමට අවශ්‍ය නැත. රෝම 8හි පාවුල් ලියා ඇති ආකාරයට එය කළ හැක්කේ ව්‍යවස්ථාව දෙස අවධානය යොමු නොකර යේසුස්වහන්සේ දෙස අවධානය යොමු කිරීමෙනි. අපේ ශක්තියෙන් අපගේ පව්කාර ස්වභාවය ගැන කිසිදෙයක් කිරීමට අපට බැරිය. “හොඳින් නීති රැකීමට තවත් උත්සාහ කිරීම” ඊට පිළිතුර නොවේ. එ් වෙනුවට අපට දයාව පෙන්වන තැනන්වහන්සේ වෙත අපගේ අවධානය යොමු කර අප වෙනස් කරන ආත්මයාණන් සමඟ අප එකට ක‍්‍රියාකළ යුතුවේ.

අප නීතිය දෙසට අවධානය යොමු කළ විට දෙවියන්වහන්සේගේ කරුණාව ලැබීමට සුදුසුම වන තරමට අපට යහපත් වීමට බැරි බව නිතර සිහිවේ. එහෙත් අප යේසුස්වහන්සේ දෙසට අවධානය යොමු කළ විට, අපි වඩ වඩා උන්වහන්සේ මෙන් වන්නෙමු.