ඉරිදා රැස්වීම අවසන් ව නොතිබූ අතර එදින උදෑසන අමුත්තෝ කිහිපදෙනෙකු අපගේ සභාවට පැමිණියෝය. දේශකයාගේ දේශනාව අවසන් වීමට ප‍්‍රථම එක් අමුත්තෙකු පිටව යනවා දුටු මා කුතුහලයෙන් ඇයට කථාකරන පිණිස පිටතට ගියෙමි.

“ඇයි ඉක්මනින් යන්නේ? මට කරන්න පුළුවන් දෙයක් තිබෙනවාද?” මම ඇසුවෙමි. ඇය සෘජුව අවංකව පිළිතුරු දුන්නාය. “ඔව්! මගේ ප‍්‍රශ්නය අර දේශනාව! දේශකයා කියන දෙය මම පිළිගන්නේ නැහැ. අප මොනව කළත් ඒකේ ගෞරවය දෙවියන්වහන්සේට යන්න ඕනේ කියල එයා කියනවා. මගේ ජයග‍්‍රහණ වලට යම් ඇගයීමක් මට ඕනේ!” ඇය මැසිවිලි නැගුවාය.

සභාපාලක තුමා කීදේ මම විස්තර කළෙමි. සෙනඟ කරන දේවලට ඇගයීමක් සහ පිළිගැනීමක් අවශ්‍යයි. එහෙත් අපගේ දීමනා සහ තලෙන්ත අපට ලැබී ඇත්තේ දෙවියන්වහන්සේගෙනි. එහෙයින් උන්වහන්සේට මහිමය හිමියි. දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා වන යේසුස්වහන්සේ පවා පැවසුවේ “පියාණන්වහන්සේ යමක් කරනවා පුත‍්‍රයාණන් දක්නේද එ් දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය” කියාය (යොහන් 5:19). යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට කීවේ “මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය” කියාය (15:5).

අපට සැම දෙයක්ම ඉෂ්ටකර ගැනීමට උපකාර කරන්නේ ස්වාමීන්වහන්සේ බව අපි පිළිගනිමු.