2014 ඔක්තෝම්බර් 14 වන දින පරීක්ෂණ අභ්‍යවකාශ යානයක් මොජෙව් කාන්තාරයට කඩා වැටිණ. උප නියමුවා මියගිය අතර නියමුවා ආශ්චර්යවත්ව බේරුණි. පරීක්ෂකයෝ සිදුවූයේ කුමක්දැයි සොයාගත්තෝය. එහෙත් ඊට හේතුව නොදත්තෝය. මේ පිළිබඳ පුවත්පත් සිරස්තලයක් වූයේ “ප‍්‍රශ්නය විසඳී නැත” යන්නය.

ජීවිතය පුරා අපට සෑහෙන පිළිතුරු නොමැති ශෝකයන් හමුවිය හැක. සමහරක් ප‍්‍රතිඵල කාලයක් පැවති ඉතා දැඩි ව්‍යසනයන්ය. අපගේ ජීවිත සහ පවුලේ ජීවිත වෙනස් කරන අනික්වා පුද්ගලික වේදනාවන්ය. හේතුව දැනගැනීමට අප කැමතිය. එහෙත් පිළිතුරු වලට වඩා අපට ප‍්‍රශ්න ඇතිවේ. අප “ඇයි?” යන ප‍්‍රශ්නය සමඟ අරගල කරන විට පවා දෙවියන්වහන්සේ තම නොනවතින ප්‍රේමය අප වෙත දිගුකරනසේක.

එක් දිනකින් යෝබ්ට තම දරුවන් සහ වස්තුව නැතිවූ විට ඔහු කෝපයෙන් මානසික අවපාතකයකට වැටී ඔහුගේ මිතුරන් දුන් පැහැදිලි කිරීම් ප‍්‍රතික්ෂේප කළේය (යෝබ් 1:13-19). එහෙත් කෙදිනක හෝ දෙවියන්වහන්සේ තමන්ට පිළිතුරු දෙනු ඇත යන බලාපොරොත්තුවෙන් ඔහු සිටියේය. අන්ධකාරයේදී පවා “(දෙවියන්වහන්සේ) මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි” කියා යෝබ්ට කිවහැකි විය (23:10).

“මතු දිනක පුද්ගලිකවද සෘජුවද දෙවියන්වහන්සේ අත තබනු ඇත. එදින සැම කඳුලක්ම ව්‍යාකූලතාවක්ම පීඩනයක්ම කරදරයක්ම සැම වේදනාවක් සහ රිදුමක්ම වරදක් සහ අසාධාරණයක් සඳහාම සම්පූර්ණ සහ ප‍්‍රමාණවත් පැහැදිලිකිරීමක් අපට ලැබෙනු ඇත” යනුවෙන් ඔස්වල්ඞ් චේම්බර්ස් කියා තිබේ.

අද අප ජීවිතයේ පිළිතුරු නැති ප‍්‍රශ්න වලට මුහුණ දෙන විට දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ ප්‍රේමය තුළ අපට බලාපොරොත්තුව සහ උපකාරය ලැබිය හැක.