මගේ මව දශක ගණනක් සබත් පාසැලේ ඉගැන්වූවාය. දෙවියන්වහන්සේ කාන්තාරයේදී ඉශ‍්‍රායෙල්වරුන්ට ආහාර සැපයූ ආකාරය එක් සතියකදී ඇයට ඉගැන්වීමට අවශ්‍ය විය. කතාව සජීවී කිරීම සඳහා ඇයට “මන්නා” වලට සමාන යමක් ඇගේ පන්තියේ දරුවන්ට සෑදීමට අවශ්‍ය විය. ඇය පාන් කැබලිවලට කපා එ් මත මී පැණි තැවරුවාය. ඇයගේ ආහාරයට විස්තර ලැබුණේ බයිබලයෙනි. “එහි රස මී පැණි මිශ‍්‍රවූ පූප මෙනි” (උත්පත්ති 16:31).

ඉශ‍්‍රායෙල්වරු පළමුවරට දෙවියන්වහන්සේගේ ස්වර්ගීය පාන් දුටු විට එ්වා තිබුණේ ඔවුන්ගේ කූඩාරම් අවට හිම කැට මෙනි. “(ඔවුන්) එ් දැක කිමෙක්දැයි නොදැන ‘මේ මොනවාදැ?’යි එකිනෙකාට කීවෝය” (15 පදය”. “මොනවාද?” යන්නට හෙබ්‍රෙව් වචනය “මන්නා” වේ. එහෙයින් ඔව්හු එයට “මන්නා” යැයි කීවෝය. එ්වායින් රොටී සෑදීමට හෝ හැලියක ඉවීමට පුළුවන් බව ඔව්හු දැන ගත්තෝය (ගණන්කථාව 11:7-8). එය කුමක් වුවද එහි පැමිණීම විස්මිත විය (නික්මයාම 16:4,14). එහි සුවිශේෂ සංයුතියක් විය (14 පදය). ඉතා කෙටි කල් ඉකුත්වීමේ කාලයක් විය (19-20 පද).

සමහර විට දෙවියන්වහන්සේ පුදුමාකාර ලෙස අපට සපයනසේක. උන්වහන්සේ අපගේ බලාපොරොත්තු වලට සීමා නොවන බවත් උන්වහන්සේ කිරීමට තෝරාගන්නා දෙය ගැන අපට අනාවැකි කිව නොහැකි බවත් ඉන් අපට මතක් කර දෙයි. උන්වහන්සේ කළ යුත්තේ කුමක්ද යන්න ගැන අවධානය යොමු කරනවා වෙනුවට උන්වහන්සේ කවුද යන්න ගැන අවධානය යොමු කරන විට උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය තුළ ප‍්‍රීතිය සහ තෘප්තිය සොයා ගැනීමට උන්වහන්සේ අපට උපකාරවනසේක.