කුඩා ළදරුවන්ගේ මවක ලෙස මම කලබලවීමට හසුවන්නෙමි. මගේ මුල්ම ප‍්‍රතිචාරය වන්නේ පුත‍්‍රයාගේ ආසාදනය හෝ දියණියගේ හදිසි කැස්ස ගැන කුමක් කරන්නදැයි මගේ මවට කථා කොට ඇසීමයි.

මව ශ්‍රේෂ්ඨ මූලාශ‍්‍රයකි. එහෙත් මා ගීතාවලිය කියවන විට කිසිම මිනිසෙකුට දිය නොහැකි උපකාර අපට කොපමණ වරක් අවශ්‍ය වන්නේදැයි මට මතක් වේ. ගීතාවලිය 18හි දාවිත් විශාල විපත්තියකට පත්ව සිටියේය. බියට පත්ව, මරණයට සමීපව සහ දැඩි වේදනාවෙන් ඔහු ස්වාමීන්වහන්සේට හඬගැසීය.

“මම ඔබට ප්‍රේමකරමි”යි කීමට දාවිත්ට හැකියාව තිබුණේ උන්වහන්සේ බලකොටුවක් බවද පර්වතය බවද මිදුම්කරුවාණන් බවද ඔහු තේරුම් ගත් නිසාය (1-2 පද). දෙවියන්වහන්සේ ඔහුගේ පලිහ, ගැළවීමේ අඟ සහ ආරක්ෂා ස්ථානය විය. දෙවියන්වහන්සේගේ උපකාරය අප අත්දැක නැති නිසා අපට දාවිත්ගේ ප‍්‍රශංසාව වැටහෙන්නේ නැති විය හැක. දෙවියන්වහන්සේගෙන් අනුශාසනා සහ උපකාර ඉල්ලීමට පෙර අප දුරකථනය වෙත යනවා විය හැක.

අපට උපකාරය සහ සහනය ලබාදීම සඳහා දෙවියන්වහන්සේ සෙනඟ අපගේ ජීවිත වල තබන බව සහතිකය. එහෙත් අපි යාච්ඤා කිරීමටද මතක තබා ගනිමු. දෙවියන්වහන්සේ අපට ඇහුම්කන් දෙනසේක. දාවිත් ගායනා කළ ලෙස “උන්වහන්සේ තමන් මාළිගයෙහි සිට මාගේ හඬ ඇසූසේක… මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණසේක (6 පදය). අප දෙවියන්වහන්සේ වෙත යන විට අප දාවිත්ගේ ගීතයට හවුල්වී අපගේ පර්වතය, බලකොටුව සහ මිදුම්කරුවාණන් ලෙස අප උන්වහන්සේ භුක්ති විඳින්නෙමු.

ඊළඟ වාරයේ ඔබ දුරකථනය සොයන විට යාච්ඤා කිරීමටද මතක තබා ගන්න