ෆ‍්‍රැන්සිස් කෆ්කා (1883-1924) තම නවකථාව වන නඩුව සහ මාළිගය යන කෘතියේ ජීවිතය නිරූපණය කරන්නේ සෙනඟ අනන්‍යතාවක් හෝ වටිනාකමක් නැති හිස් මුහුණු වලින් පිරි සාගරයක් බවට පත් කරන මනුෂ්‍යත්වය නැතිවූ පැවැත්මක් ලෙසය. “ජීවිත ගමන ඔබව ගෙනයයි. කොහේ යනවාදැයි කිසිවෙක් නොදනී. පුද්ගලයා සජීවී සත්ත්වයෙකුට වඩා වස්තුවකි, භාණ්ඩයකි” යනුවෙන් කෆ්කා පවසයි.

තම සේවයේ මුල්කායේදී යේසුස්වහන්සේ නාසරෙතයේ සිගෝගයකට ගොස් සෙනඟ ඉදිරියේ සිටගෙන යෙසායා පොතින් කියවූසේක. “ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප‍්‍රකාශ කරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප‍්‍රකාශකරන්ටද උන්වහන්සේ මා එවූසේක” (ලූක් 4:18-19). ඉන්පසු ක‍්‍රිස්තුස්වහන්සේ වාඩිවී “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණ වීයයි කීසේක” (21 පදය). සියවස් ගණනකට ප‍්‍රථම අනාගවක්තෘ යෙසායා එම වචන ප‍්‍රකාශ කර තිබිණි (යෙසායා 61:1-2). එම පොරොන්දුවේ ඉෂ්ටවීම උන්වහන්සේ බව යේසුස්වහන්සේ ප‍්‍රකාශ කළසේක.

යේසුස්වහන්සේ ගළවන්න පැමිණියේ කව්රුන්දැයි කල්පනා කරන්න. දුගීන්, වහලුන්, අන්ධයන් සහ මඩනා ලද්දවුන් වෙනුවෙන් උන්වහන්සේ පැමිණිසේක. පාපයෙන්, වේදනාවෙන්, සිත් බිඳී යාමෙන් සහ දුකින්, මනුෂ්‍යත්වය නැතිව ගොස් ඇති සෙනඟ වෙනුවෙන් උන්වහන්සේ පැමිණිසේක. උන්වහන්සේ අප නිසා පැමිණිසේක!