මාර්ග සංවර්ධන අධීක්ෂකවරයෙකු රිය අනතුරකින් මිය ගිය විට ඔහුගේ පවුලේ අයට, හවුල් සේවකයන්ට සහ ගමේ අයට අති විශාල පාඩුවක් දැනිණ. ඔහුගේ ගමේ දේව ගෘහය ඉඩ මදිවූ බැවින් විශාල ශාලාවකට දේහය ගෙන යන ලද්දේය. එම ශාලාව පිරී ඉතිරී යන තරම් හිත මිතුරන් සහ පවුලේ අය එහි විය. පණිවුඩය පැහැදිලිය. “ටිම්” තමන්ටම ආවේනික ක‍්‍රමයකට බොහෝ ජීවිත වලට අතගසා තිබිණ. බොහෝ අයට ඔහුගේ දයාවද ප‍්‍රීතිමත් ස්වභාවයද ජීවිත කෙරෙහි දැක්වූ උද්යෝගිමත් බවද දැන් අහිමිවනු ඇත.

මා අවමංගල්‍යය අවසන්වී එන විට යෙහොරාම් රජුගේ ජීවිතය ගැන කල්පනා කළෙමි. කෙතරම් වෙනසක්ද? 2 ලේකම් 21හි ඔහුගේ කුරිරුකමින් පිරි කෙටි පාලනය කාලය විස්තර කෙරේ. ඔහුගේ බලය දැඩි කර ගැනීමට යෙහොරාම් තමාගේම සහෝදරයන් සහ තවත් අය මරා දැමුවේය (4 පදය). ඉන්පසු ඔහු යුදා සෙනඟ රූපවන්දනාව වෙත ගෙන ගියේය. ඔහු ගැන කියා ඇත්තේ “ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටුණූනේය” කියාය (20 පදය). ඔහුගේ මෘග බලය තුළින් තම උරුමය තහවුරුවේ යැයි ඔහු කල්පනා කළේය. එය එසේ විය. ඔහු සදාකාලිකවම බයිබලයේ සඳහන් වන්නේ නපුරු, ආත්මාර්ථකාමී පුද්ගලයෙකු ලෙසය.

යේසුස්වහන්සේද රජෙකු වුවත් උන්වහන්සේ ලෝකයට ආවේ සේවකයෙකු වීම පිණිසය. උන්වහන්සේ යහපත කරමින් යන අතර බලයට පොරකෑ අයගේ වෛරය උන්වහන්සේට විඳීමට සිදුවිය. එම ක‍්‍රියාවලියේදී එම සේවක රජු තම ජීවිතය පූජා කළේය.

අද යේසුස්වහන්සේ තම උරුමය සමඟ ජීවත් වනසේක. එම උරුමයට ජීවිතය, තමන් පිළිබඳ වූවක් නොව යේසුස්වහන්සේ පිළිබඳව බව තේරුම් ගත් අයද ඇතුලත්වේ. ඒ තම ශක්තිමත්, බාහුවෙන් තමන් වෙත එන ඕනෑම කෙනෙකු වැළඳගැනීමට බලා සිටින තැනන්වහන්සේය