තම ශරීරය සහ මනස උපරිමයටම ගෙන ගිය ස්ත‍්‍රියක මට මෑතකදී හමුවිය. ඇය කඳු නැග, මරණයට මුහුණ දී, ගිනස් වාර්තාවක්ද බිඳ හෙළා තිබේ. ඇයට දැන් වෙනත් අභියෝගයක් ලැබී ඇත. එ් ඇයගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා හදා වඩාගැනීමය. කඳු තරණයේදී භාවිත කළ ධෛර්යය සහ ඇදහිල්ල දැන් ඇය මාතෘත්වය තුළට වගුරුවන්නීය.

1 කොරින්ති පොතෙහි පාවුල් අපොස්තුළුවරයා තරඟයක නියැලෙන ක‍්‍රීඩකයෙකු ගැන කථා කරයි. එකිනෙකා ආශ‍්‍රය කිරීමේදී තමන්ගේ අයිතිවාසිකම් ගැන සිතන සභාවකට ආයාචනා කරමින් (8 පරිච්ඡේදය) ඔහු පවසන්නේ ප්‍රේමයේ සහ ස්වකැපවීමේ අභියෝගය, ශක්තිය උරගා බලන මැරතන් තරඟයක් මෙන්ය කියාය (9 පරිච්ඡේදය). යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස උන්වහන්සේට කීකරුවී ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් කැප කළ යුතුවේ.

මළල කීඩකයන් ඔටුන්න දිනීම සඳහා තම ශරීර පුහුණු කරගන්නා ලෙස අප ද අපගේ ශරීර සහ මනස, ආත්මයේ වර්ධනය සඳහා පුහුණු කරගත යුතුවේ. අප පරිවර්තනය කරන්නැයි ශුද්ධාත්මයාණන්ට කියන විට මොහොතින් මොහොත අපි අපගේ පැරණි මනුෂ්‍යයා අත්හැර ඉදිරියට යන්නෙමු. දෙවියන්වහන්සේගෙන් බලගැන්වී අපි කෲර වචන ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමු. අපගේ විද්‍යුත් උපකරණ පසෙකට දමා අපගේ මිතුරන්ට කාලය දෙමු. එකඟ නොවීමකදී අවසන් වචනය කීමට අපට අවශ්‍ය නොවේ.

ක‍්‍රිස්තුස්වහන්සේගේ ආත්මයෙන් දිවීමට අප එසේ පුහුණු වන විට අද දෙවියන්වහන්සේට අවශ්‍ය කුමන අයුරින් අප සැකසීමටද?