මාගේ ස්වාමිපුරුෂයා එක් ක‍්‍රමයකටත් මා තවත් ක‍්‍රමයකටත් කියවමු. ඉංග‍්‍රීසි ඔහුගේ මව් බස නොවන බැවින් ටොම් කියවන්නේ වචනයෙන් වචනය සෙමින්ය. මම ඉක්මණින් කියවාගෙන යමි. එහෙත් ටොම් මට වඩා මතක තබා ගනී. සතියකට පෙර කියවූ දෙයක් පහසුවෙන් ඔහුට කටපාඩමින් කිව හැකිය. පොත වැසූ වේලාවේ සිට තත්පර කිහිපයකින් මාගේ මතකය නැතිවේ.

බයිබලය කියවන විටද ඉක්මණින් කියවීම ගැටළුවකි. පරම්පරා ඇති කොටස් පමණක් නොව මා අසා ඇති ඡේද සහ කතාද ගීතාවලිය තුළ ඇති ගීතිකා යනාදියද උඩින් කියවා අවසන් කරමි.

හිතෝපදේශ 2 අපට කියන්නේ අවබෝධ කර ගැනීමේ සිතකින් යුක්තව ප‍්‍රවේශමෙන් දෙවියන්වහන්සේ සොයා දැනගැනීමට උත්සාහ කරන ලෙසය. එසේම බයිබලය ප‍්‍රවේසමෙන් කියවා කටපාඩම් කිරීමට කාලය ගත් විට සත්‍යයන් ගැඹුරෙන් අපි ග‍්‍රහණය කරගනිමු (1-2 පද). සමහර විට වචනය හඩ නගා කියවීමෙන් දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව ඇසීමටද අවබෝධ කර ගැනීමටද අපට උපකාරී වේ. අප යාච්ඤාවෙන් දේව වචනය නැවත දෙවියන්වහන්සේට කියවා, උන්වහන්සේගෙන් “අවබෝධය සහ දැනගැන්ම” (3 පදය) ඉල්ලන විට අප කතුවරයාණන්වහන්සේ සමඟ සාකච්ඡාවක් භුක්ති විඳින්නෙමු.

අපි අපගේ මුළු සිතින් සොයන විට අප දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ප‍්‍රඥාව දැනගන්නෙමු. අප රිදී මෙන්ද සැඟවුන නිධානයක් හාරන්නාක් මෙන්ද එය සොයන විට අපට අවබෝධය ලැබේ.