ඔබටත් මටත් පොදු දෙයක් තිබේ. එනම් අප ජීවත් වන්නේ අවුල්වූ, විකෘතිවූ ලෝකයක වන අතර අප වෙන කිසිවක් දැක නැත. කෙසේ වෙතත් ශාපයට පෙර තිබූ ජීවිතය කෙසේදැයි ආදම් සහ එ්වට නම් මතක ඇති. දෙවියන්වහන්සේ අරමුණු කළ එනම් මරණින්, කරදර වලින් සහ වේදනාවෙන් නිදහස්වූ ලෝකය ඔවුන්ගේ මතකයට නගා ගත හැකිය (උත්පත්ති 3:16-19). වැටීමට පෙරවූ එ්දන් උයනෙහි සාගින්න, විරැකියාව හෝ රෝග නොතිබිණි. දෙවියන්වහන්සේගේ මැවීමේ බලය හෝ මනුෂ්‍ය සම්බන්ධතාවයන් කෙරෙහි උන්වහන්සේගේ සැලැස්ම ගැන කිසිවෙක් ප‍්‍රශ්න කළේ නැත.

අපට උරුමවී ඇති ලෝකය දෙවියන්වහන්සේගේ සම්පූර්ණ උද්‍යානයට සමානවන්නේ යාන්තමිනි. සී. එස්. ලුවිස්ට අනුව “මෙය වැරදි මග ගිය හොඳ ලෝකයකි. එහෙත් තිබිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මතකයන් එහි තිබේ.” වාසනාවකට ලෝකය තිබිය යුතු ආකාරය ගැන අපැහැදිලි මතකය, සදාකාලය ගැන අනාවැකියක්ද වේ. එහිදී, ආදම් සහ ඒව දෙවියන්වහන්සේ සමඟ ඇවිදිමින් කථා කළ ලෙසම, එක් දිනෙක ඇදහිලිවන්තයින් දෙවියන්වහන්සේ මුහුණට මුහුණ දැක උන්වහන්සේට සෘජුව සේවය කරනවා ඇත. දෙවියන්වහන්සේ සහ අප අතර කිසි බාධකයක් නොවන්නේය. “කිසි ශාපයක් තවත් නොවන්නේය” (එළිදරව් 22:3). පාපය, බිය හෝ ලැජ්ජාවක් එහි නොවන්නේය.

අතීතය සහ එහි ප‍්‍රතිඵල වර්තමානයට සෙවනැල්ලක් හෙළනු ඇත. එහෙත් ඇදහිලිවන්තයාගේ අනාගතයට යහපත් පොරොන්දුවක් ඇත. එනම් එ්දන් උයන තිබුණාක් මෙන් සම්පූර්ණ ස්ථානයක ජීවිතයයි.