ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පාපන්දු කණ්ඩායමේ යාවජීව රසිකයෙකු ලෙස මා හැදී වැඩුණේ කලකිරීම ගැන හොඳ අත්දැකීමක් ඇතිවය. කිසි දිනෙක සුපර්බෝල් වටයට තේරී නැති කණ්ඩායම් 4න් එකක් වුවද වසරක් පාසා එම කණ්ඩායමට ආදරය කරන ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් සිටී. ඔව්හු බොහෝ විට කළකිරීමට පත්වන බැවින් ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පිටිය හඳුන්වන්නේ “දුක් කාර්මාන්ත ශාලාව” ලෙසය.

අප ජීවත් වන විකෘති ලෝකයද “දුක් කාර්මාන්ත ශාලාවක්” විය හැක. අපගේම තීරණ නිසා හෝ අපට පාලනය කර ගත නොහැකි කාරණා නිසා සිත් වේදනාව සහ කලකිරීමේ නොනවතින සැපයුමක් ඇති බව අපට පෙනීයයි.

එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්හට මතු ජීවිතයට පමණක් නොව අද දිනටත් බලාපොරොත්තුවක් ඇත. “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩාව තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න. මම ලෝකයෙන් ජයගතිමි” (යොහන් 16:33). අප මුහුණ දෙන අරගල සහ දුක සුළු කොට දක්වන්නේ නැතිව ක‍්‍රිස්තුස්වහන්සේ සිය සාමයේ, ප‍්‍රීතියේ සහ අවසන් ජයග‍්‍රහණයේ පොරොන්දු වලින් එ්වා බිඳහෙළන ආකාරය බලන්න.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ශ්‍රේෂ්ඨ සමාදානයක් තිබේ. ජීවිතය අප වෙත එවන ඕනෑම දෙයක් තුළින් යාමට එය අපට උවමනාවටත් වඩා ප‍්‍රමාණවත්ය.