මට මාගේ ක‍්‍රියාවන් ආපසු ගැනීමට නොහැකි විය. කාන්තාවක් රථය නවතා ගොස් තිබූ ආකාරයට මට පෙට්ට්‍රොල් කණුව වෙත යාමට නොහැකි විය. ඇය වෙන් කළ කසල වගයක් භාජනයට දැමීමට ගොස් තිබිණ. මට ඉවසීමට සිතුනේ නැති නිසා මම ඇයට නළාව ශබ්ද කර රථය පසුපසට ගෙන වෙන මාර්ගයකින් එතැනට ගියෙමි. තත්පර 30ක් සිටීමට ඉවසීම නැති වීම ගැන මට මා ගැන කළකිරීමක් ඇතිවිය. මම දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලීමි. ඇය නියමිත ස්ථානයේ වාහනය නැවතිය යුතු බව සැබෑය. එහෙත් නපුරුකම වෙනුවට කරුණාව සහ ඉවසීම පෙන්වීමට මට අවස්ථාව තිබිණි. ඇයගෙන් සමාව ඉල්ලීමට මම ප‍්‍රමාද විය. ඇය පිටව ගොස් තිබිණි.

අපගේ සැලසුම් වලට සෙනඟ බාධා කරන විට අප ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන සිතන ලෙස බොහෝ හිතෝපදේශ අපට අභියෝග කරයි. එක් හිතෝපදේශයක් පවසන්නේ.” මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව් වන්නේය” කියාය (හිතෝපදේශ 12:16). එසේම “තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි. එහෙත් හැම මෝඩයෝම ඩබර කරති” යනුවෙන්ද පවසයි (20:30). ඉන්පසු සෘජුවම සිතට වදින හිතෝපදේශයක් ඇත.”අඥානයා තමාගේ මුළු උදහස පිටතටගෙනෙයි. එහෙත් ප‍්‍රඥාවන්තයා එ්ක නවතා ගනියි” (29:11).

ඉවසීමෙන් සහ කරුණාවන්තකමින් වර්ධනය වීම ඉතා අසීරු බව සමහර විට අපට පෙනේ. එහෙත් පාවුල් අපොස්තුවරයා පවසන්නේ එය දෙවියන්වහන්සේගේ ක‍්‍රියාවක්බවයි. එනම්, එ්වා ආත්මයාණන්වහන්සේගේ ඵල වේ (ගලාති 5:22-23). අප උන්වහන්සේ සමඟ එකතුවී, උන්වහන්සේ කෙරෙහි යැපෙන විට උන්වහන්සේ එම ඵල අප තුළ උත්පාදනය කරනසේක. ස්වාමිනී, කරුණාකර අප වෙනස්
කළ මැනව