මස් කන්ද යනු මස් වර්ග හයකින් සමන්විත සුපිරි සැන්ඞ්විචයකි. කුකුල් මස්, බේකන්, චීස් සහ තවත් දේවලින් පුරවා ඇති එය ආපන ශාලාවක තිබිය යුතුම කෑමක් ලෙස පෙනේ. එහෙත් එවැනි කෑමක් ආපන ශාලා ලැයිස්තු වල නැත. එම සැන්ඞ්විචය නිරූපණය කරන්නේ සමාජ වෙබ් අඩවි සහ කටින්කට පමණක් පැතිරෙන ආහාර ලැයිස්තුවේ නැති අංග පිළිබඳ අලුත් මෝස්තරයකි. අද ඇති තරඟකාරීත්වය නිසා තම සුවිශේෂ පරිභෝගිකයින්ට රහස් ආහාරයක් දීමට ක්ෂණික ආහාර ආපන ශාලා හිමියන්ට සිදුවී ඇති බව ඉන් පෙනී යයි.

යේසුස්වහන්සේ තම ගෝලයන්ට ”නුඹලා නොදන්නා කෑමක්”ඇති බව පැවසූවිට එය එවැනි රහස් ආහාරයක් යැයි ඔවුන් සිතන්න ඇති (යොහන් 4:32). උන්වහන්සේ, ඔවුන් ව්‍යාකූලවූ බව දැනගෙන, එම ආහාරය නම් පියාණන්ගේ කැමැත්ත කිරීම සහ උන්වහන්සේ දී ඇති වැඩ නිම කිරීම බව ඔවුන්ට කීසේක (34 පදය).

ඊට මොහොතකට පෙර යාකොබ්ගේ ළිඳ ළඟදී හමුවූ සමාරීය ස්ත‍්‍රීයට, ඇය කිසි දිනෙක අසා නැති ජීවන ජලය ගැන යේසුස්වහන්සේ කියා තිබේ . ඔවුන් කථා කරද්දී ඇය තුළ තිබුණාවූ තෘප්තිමත් නොවන ජීවිත පිපාසය ගැන උන්වහන්සේ ආත්මික එළිදරව්වක් දුන්සේක. උන්වහන්සේ කව්ද කියා එළිදරව් කළ පසු ඇය කළය අත්හැර “ඒ ක්‍රිස්තුස්දෝයි?” අසන පිණිස දිව්වාය (29 පදය).

කාලයක් අභිරහසක්ව තිබූ දෙය දැන් සැමට ප‍්‍රධානය කළ හැකිය. අපගේ සිත් වල ඇති ගැඹුරු අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමට උන්වහන්සේ තුළ ඇති හැකියාව විශ්වාස කරන පිණිස යේසුස්වහන්සේ අප සැමට ආරාධනා කරනසේක. අප එසේ කරන විට අපගේ ශාරීරික රුචිකම් වලින් පමණක් නොව අප ආත්මය තෘප්තිමත්කරන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් ජීවත්වන ආකාරය අපි
ඉගෙන ගනිමු.