ම පාසැල් නිල ඇඳුමට උඩින් ක‍්‍රිඩා කබායක් ඇඳීමට මගේ මිතුරියගේ පුත‍්‍රයා තීරණය කළේය. එදින රාත‍්‍රියේදී වැදගත් තරඟයකට සහභාගිවන ඔහු කැමති ක‍්‍රිඩා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ඔහුට අවශ්‍ය විය. නිවසින් පිටවයාමට ප‍්‍රථම ඔහු එම කබායට උඩින් යමක් පැළඳ ගත්තේය. එය “යේසුස්” යන ලාංඡනය තිබූ මාලයකි. ඔහුගේ කුඩා ක‍්‍රියාව ගැඹුරු අර්ථයක් පෙන්නුම් කළේය. එනම් අපගේ ජීවිත වල සියල්ලට ඉහළින් සිටීමට සුදුසු වන්නේ යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේ සියල්ලට ඉහළින් සිටිනසේක. “උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය” (කොලොස්සි 1:17). යේසුස්වහන්සේ මුළු මැවිල්ලේ කළුඳුලාණෝය (15-16 පද). “උන්වහන්සේ සභාව නැමති ශරීරයට හිසව සිටිනසේක (18 පදය). එ් නිසා උන්වහන්සේට සියල්ලේ පළමු ස්ථානය ලැබිය යුතුය.

අපගේ ජීවිතයේ සැම කොටසකම ඉහළම ස්ථානය අපි යේසුස්වහන්සේට දුන්විට, මෙම සත්‍යය අප අවට සිටින අයට ප‍්‍රකාශ වෙයි. සේවා ස්ථානයේදී අප දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කිරීමට උත්සාහ කරනවාද නැතිනම් අපගේ හාම්පුතුන් සතුටු කිරීමට උත්සාහ කරනවාද? (3:23) අප අන් අයට සලකන ආකාරයෙන් දෙවියන්වහන්සේගේ ප‍්‍රමිතීන් පෙන්නුම් කරන්නේ කෙසේද? (12-14 පද). අපගේ ජීවිතය ගතකරන විටත් අපගේ ප‍්‍රියතම විනෝදාංශ වලදීත් අප උන්වහන්සේට පළමු තැන දෙනවාද?

යේසුස්වහන්සේ අපගේ මුළු ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ආභාෂය වන විට, අපගේ ජීවිත වල නිසි ස්ථානය උන්වහන්සේ ලබා ගනු ඇත.