තම පුත‍්‍රයාගේ විවාහ උත්සවයේදී මාගේ මිත‍්‍ර බොබ් නව යුවලට අවවාද සහ දිරිය දුන්නේය. ඔහුගේ කථාවේදී අසල නගරයක පාපන්දු පුහුණුකරුවෙකු ගැන ඔහු කීවේය. ඔහු තම කණ්ඩායම තරඟයක් පැරදුණු විට විද්‍යුත් ලකුණු පුවරුව සතියක් පුරා ක‍්‍රියාත්මකව තබයි. ඒ කණ්ඩායමට ඔවුන්ගේ පරාජය ගැන මතක් කිරීමටය. පාපන්දු ක‍්‍රීඩාවේදී එය යහපත් විය හැකි වුවත් විවාහ ජීවිතයේදී එය නරක උපක‍්‍රමයක් විය හැකි බව බොබ් කීවේය. ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබව කනස්සල්ලට පත් කළේ හෝ ඔබගේ බලාපොරොත්තු කැඩුවේ නම් එම වරද මතක් කරමින් කාලය නොගෙවන්න. විද්‍යුත් ලකුණු පුවරුව වසා දමන්න.

කෙතරම් අනර්ඝ උපදෙසක්ද! එකිනෙකාට පේ‍්‍රම කරන්න කියාද එකිනෙකාගේ වරදවල් අමතක කරන්න කියාද බයිබලය අපට බොහෝ විට ආඥා කරයි. “පේ‍්‍රමය නපුර ගණන් ගන්නේ නැත” කියා අපට මතක් කරයි (1 කොරින්ති 13:5). එසේම “ක‍්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුන ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න” යැයි දේව වචනය පවසයි (එපීස 4:32).

මා අසමත් වන විට දෙවියන්වහන්සේ ලකුණු පුවරුව වසා දැමීම ගැන මම ඉතා කෘතඥවෙමි. අප පසුතැවිලිවූ විට උන්වහන්සේ කමා වනවා පමණක් නොව නැගෙනහිරින්, බටහිර වෙන්ව ඇත්තාක් මෙන් උන්වහන්සේ අපගෙන් පාපය ඈත් කරනසේක (ගීතාවලිය 103:12). දෙවියන්වහන්සේ සමාව දෙනවා යනු අපගේ පාපය උන්වහන්ගේ දැක්මෙන් මෙන්ම සිතින්ද ඉවත්ව ඇතිබවයි. අප අවට සිටින අයට සමාව දීමට දෙවියන්වහන්සේ අපට අනුග‍්‍රහය දෙනසේක්වා!