බි‍්‍රතාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුවූ ලාන්ස්ලට් ඔලිෆන්ට් (1881-1965) භාෂාව පිළිබඳ තම පොතෙහි ලියා ඇත්තේ බොහෝ සිසුන් පරික්ෂණ වලදී නිවැරදි පිළිතුරු දෙන නමුත් එ්වා ජීවිතයේදී ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වන බවයි. “එවැනි ජීර්ණය නොවූ දැනුම නිෂ්ඵලය” යි ඔහු පවසයි.

කතුවර බර්ණබස් පයිපර් තම ජීවිතයෙහි ඊට සමාන්තර දෙයක් දුටුවේය. “මා උත්තර සියල්ල දැනගෙන සිටි බැවින් මා දෙවියන්වහන්සේට සමීප යැයි මම සිතුවෙමි. මම අඥාන වූයෙමි. යේසුස්වහන්සේ සමඟ සබඳතාවයද ඒ යැයි මම සිතුවෙමි” යනුවෙනි.

දිනක් දේව මාළිගාවේදී තමන් සියලු නිවැරදි පිළිතුරු දන්නේ යැයි කල්පනා කළ සෙනඟක් යේසුස්වහන්සේට මුණගැසුණි. ඔව්හු තමන් ආබ‍්‍රහම්ගේ දරුවෝයැයි ආඩම්බරයෙන් කියාගත් නමුත් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා විශ්වාස කිරීම ප‍්‍රතික්ෂේප කළෝය. “නුඹලා ආබ‍්‍රහම්ගේ දරුවෝ නම් ආබ‍්‍රහම්ගේ ක‍්‍රියා කරන්නහුය” යි උන්වහන්සේ කීසේක (යොහන් 8:39) එ් ක‍්‍රියාව කුමක්ද? ආබ‍්‍රහම්  “ස්වාමින්වහන්සේ විශ්වාස කළේය. උන්වහන්සේ එ්ක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්සේක” (උත්පත්ති 15:6). එහෙත් යේසුස්වහන්සේගේ අසන්නෝ එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළෝය. “අපට ඇත්තේ එකම පියාණෝය එ් දෙවියන්වහන්සේය” කියා ඔව්හු පිළිතුරු දුන්නෝය (යොහන් 8:41). “දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචනය අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් එ්වා අසන්නේ නැත” යනුවෙන් නැවත යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක (47 පදය).

“දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය සහ යේසුස්වහන්සේගේ පුද්ගලභාවය ගැඹුරු ලෙස අත්දැකීමට ප‍්‍රථම” ඔහු කඩාවැටීමකට භාජනය වූ බව පයිපර් මතක් කරයි. අපගේ ජීවිත පරිවර්තනය කිරීමට අප දෙවියන්වහන්සේට ඉඩ දුන් විට, හරි පිළිතුරට වඩා බොහෝ දේ අපට ලැබේ. අපි ලෝකයට යේසුස්වහන්සේ හඳුන්වා දෙමු