15 වියැති විල්සන් බෙන්ට්ලි හිම කැටවල ඇති සංකීර්ණ අලංකාරයෙන් මවිත විය. ඔහුගේ මව ඔහුටදී තිබූ අන්වීක්ෂයක ආධාරයෙන් ඔහු එ්වා දෙස බැලීය. එ්වායේ මනහර සැලසුම් වල චිත‍්‍ර සිය ගණනක් ඔහු ඇන්දේය. එහෙත් හිමකැට ඉක්මණින් දියව යන බැවින් එ්වායේ විස්තර ඇඳීමට අපහසු විය. වසර ගණනකට පසු 1885දී ඔහුට අදහසක් පහළ විය. ඔහු අන්වීක්ෂයට බෙලෝස් කැමරාවක් සවි කොට විශාල උත්සාහයකින් පසු පළමු හිම කැටයේ ඡායාරූපය ගත්තේය. ඔහුගේ ජීවිත කාලය තුළ බෙන්ට්ලි හිමකැට 5000ක පමණ ඡායාරූප ගත්තේය. එ් හැම එකක්ම එකිනෙකට වෙනස්ය. ඔහු එ්වා “අලංකාරයේ කුඩා හාස්කම්” සහ ”හිම මල්”ලෙස නම් කළේය.

හිම මල් දෙකක් එක සමාන නැතිවුවද එ්වා එකම මූලාශ‍්‍රයකින් පැමිණේ. ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ද එසේය. අප සියල්ලෝ එක මැවුම්කාරයාණන්ගෙන් සහ මිදුම්කරුවාණන්ගෙන් පැමිණෙන නමුත් අප සියල්ලෝ එකිනෙකාට වෙනස්ය. දෙවියන්වහන්සේගේ තේජවත් සැලැස්මට අනුව විවිධ පුද්ගලයන් සමූහයක්, එක්සත් කොට ඇති අතර උන්වහන්සේ අපට විවිධාකාර දීමනා දී ඇත. ඇදහිලිවන්තයින්ට දී ඇති විවිධ දීමනා විස්තර කරමින් පාවුල් මෙසේ ලියා තිබේ: ”ඉතින් නානාප‍්‍රකාර දීමනා ඇත්තේය. එහෙත් එක ආත්මයාණන්වහන්සේය. නානාප‍්‍රකාර සේවය කිරීම් ඇත්තේය. නුමුත් එක ස්වාමින්වහන්සේය. නානාප‍්‍රකාර ක‍්‍රියාකිරීම් ඇත්තේය. නුමුත් සියල්ලන් තුළින් සියල්ල ක‍්‍රියා කරවන්නේ එක දෙවියන්වහන්සේය” (1 කොන්ති 12:4-6).

ඔබ අන් අයට උපකාර කොට සේවය කිරීමේදී ඔබට දිය හැකි ඔබටම ආවේනික නායකත්වය ගැන දෙවියන්වහන්සේට ස්තූතිකරන්න