තිප් තොප් තිප් තොප් හඩින් වාහනයේ වයිපර් එහා මෙහා යයි. වැටෙන වතුර බිදු පිසදැමීමට එ්වා ක‍්‍රියාත්මක වෙයි. එහෙත් එම ශබ්දය මට කන්දොස්කිරියාවක් විය. රථය මම මිළදී ගෙන තිබුණේ මෑතකදීය. එයට මා හුරුවෙමින් සිටියෙමි. එය සැතපුම් 80,000 කට වඩා ගමන් කළ වාහනයකි. එහි දරුවන්ට ආරක්ෂාව දීමට පැති “එයාර්බෑග්” නොතිබිණි.

මෙම ස්ටේෂන් වැගන් රථයත් ගෙදරට අත්‍යවශ්‍ය සිල්ලර බඩුත් ගැනීමට මම අපට තිබූ අවසාන වස්තුව විකුණුවෙමි. එය 1992 වර්ගයේ වොල්වෝ රියකි. එහි දරුවන්ගේ ආරක්ෂාවට පැති “එයාර් බෑග්” තිබිණි. එ් වන විට අනෙක් සියලු දේ අවසන් වී තිබිණි. ජීවිතයට තර්ජනයක්වූ රෝග නිසා අපගේ නිවසද ඉතිරිකර තිබූ සියල්ලද නැතිව ගොස් තිබිණි.

“කමක් නැහැ දෙවියන්වහන්ස, දැන් මාගේ ළමයින් ආරක්ෂා කරගන්ටත් මට විධියක් නැහැ. මොනව හරි එ් අයට වුනොත් මම කරනදේ මම ඔබට කියන්නම්” යනුවෙන් මම ශබ්ද නගා කීවෙමි.

“තිප්, තොප්. තිප්, තොප්” (ගල්ප්). මට ක්ෂණික ලැජ්ජාවක් ඇති විය. ඊට පෙර වර්ෂ දෙක තුළ මාගේ බිරිඳවත් දරුවන්වත් නියත මරණයෙන් දෙවියන්වහන්සේ බේරා තිබිණ. එහෙත් තවමත් මම “නැතිවූ දේවල්” ගැන කොඳුරන්නෙමි. කෙතරම් ඉක්මනින් අපට දෙවියන්වහන්සේට ගුණමකු වීමට හැකිද යන්න මම එවිට තේරුම් ගතිමි. මා ගැළවීම පිණිස තම පුත‍්‍රයා ආරක්ෂා කර නොගත් ප්‍රේමණීය පියාණෝ මාගේ පුත‍්‍රයා ආශ්චර්යමත් ලෙස බේරා තිබිණි “සමාවෙන්න පියාණෙනි” මම යාච්ඤා කළෙමි. “දැනටමත් සමාව දී තිබේ මගේ දරුවා!”