මගේ හොඳ මිතුරියකට හෘදයාබාධයක් නිසා තම සැමියා අහිමි වූ විට අපි ඇය සමඟ දුක්වුණෙමු. උපදේශිකාවක් ලෙස ඇය බොහෝ දෙනා සනසා තිබේ. දැන් විවාහ වී වසර 40කට පසු සැම දිනක් අවසානයේ හිස් නිවසකට ඒමේ අභාග්‍යසම්පන්න අවස්ථාවට ඇය මුහුණ දුන්නාය.

ඇයගේ දුක මධ්‍යයේ මාගේ මිතුරිය”බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින”තැනන්වහන්සේට සමීප වූවාය. ඇය සමඟ ඇයගේ වේදනාව තුළින් දෙවියන්වහන්සේ ගමන් කරන විට,”වැන්දඹුව යන නාමය” ඇය ආඩම්බරයෙන් පැළඳගන්නා බව ඇය අපට කීවාය. ඊට හේතුව එම සලකුණ ඇයට දෙවියන්වහන්සේම දුන් දෙයක් ලෙස ඇය සැලකීමය.

සියලූ දුක් පුද්ගලික වන අතර අන් අය ඇයට වඩා වෙනස් ලෙසකින්දුක් විය හැකිය. ඇයගේ ප‍්‍රතිචාරය ඇගේ දුක නැති කරන්නේ හෝ ඇයගේ නිවසේ හිස්බව නැති කරන්නේ නැත. එහෙත් එය අපට මතක් කර දෙන්නේ අපගේ දුක්බර ම අවස්ථාවේදීත් අපගේ සර්වබලධාරි දෙවියන්වහන්සේ ප්‍රේමණීය බවත් උන්වහන්සේ මත විශ්වාසය තැබිය හැකි බවත්ය.

අපගේ ස්වර්ගීය පියාණන්ද ගැඹුරු වෙන්වීමක් අත්වින්දසේක. යේසුස්වහන්සේ කුරුසියේ එල්ලී සිටින විට උන්වහන්සේ ”මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?”යනුවෙන් මොරගෑසේක (මතෙව් 27:46). එහෙත් අපට ඇති ප්‍රේමය නිසා උන්වහන්සේ වේදනාවද, කුරුසිගත වීමේ වෙන්වීමද දරාගත්සේක

උන්වහන්සේ තේරුම් ගන්නාසේක ”ස්වාමින්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක”(ගීතාවලිය 34:18). එබැවින් අපට අවශ්‍ය සහනය අපට ලැබේ. උන්වහන්සේ අප ළඟය.