බොහෝ පවුල් වල රහස් කෑම වට්ටෝරුවක් තිබේ. විශේෂ රසයක් දෙන කෑමක් සෑදීමට ඔව්හු දනිති. මාගේ චීන ගෝත‍්‍රය වන ”හක්කාස්” කණ්ඩායමට විශේෂිත ආහාරයක් තිබිණ. එයට “පබළු මාල” යැයි කියනු ලැබේ. ඔබ එය කාලාම රස බැලිය යුතුය.

අනිවාර්යයෙන් ආච්චි අම්මා ළඟ හොඳම වට්ටෝරුවක් තිබිණි. සෑම චීන අලුත් අවුරුද්දක් පැමිණි විට පවුලේ එක්සත් රාත‍්‍රී භෝජනයේදී, “මේක හරියට උයන්න ඉගෙන ගන්න ඕනේ” කියා අප කියන්නෙමු. එහෙත් අපි කවදාවත් ආච්චි අම්මාගෙන් එය අසාගත්තේ නැත. දැන් ඇය අප අතර නැත. රහස් කෑම වට්ටෝරුවද ඇය සමඟ අපට නැති විය.

ඇය නැති පාළුව අපට දැනේ. එසේම ඇගේ කෑම වට්ටෝරුව නැතිවීමද විශාල පාඩුවකි. අපට දී ඇති ඇදහිල්ලේ උරුමය නැතිවුවහොත් ඊට වඩා ඛේදනීය විය හැකිය. සෑම පරම්පරාවක්ම උන්වහන්සේගේ බලවත් ක‍්‍රියා ඊළඟ පරම්පරාවට කියා දෙනු ඇතැයි දෙවියන්වහන්සේ බලාපොරොත්තුවනසේක. “එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනා කරමින් …” යනුවෙන් මෝසෙස් ගේ උපදෙස් ගීතිකාකරු සිහිකරයි (ගීතාවලිය 145:4). “පුරාණ දවස් සිහිකරව්… නුඹේ පියාගෙන් අසව. ඔහු නුඹට පෙන්වන්නේය. නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව. ඔව්හු නුඹට කියන්නෝය” (ද්විතීය කථාව 32:7).

අප ගැළවීම ලැබූ ආකාරයද අභියෝග වලට මුහුණ දීමට උන්වහන්සේ අපට උදව් කළ ආකාරයද අප අන් අය සමඟ බෙදාගන්නා විට අප සෙනඟ දිරිමත් කර දෙවියන්වහන්සේට ගෞරවය දෙමු. උන්වහන්සේ අප සැලසුම් කර ඇත්තේ පවුල සහ සමාජය භුක්ති විඳීමටත් එකිනෙකාගේ ප‍්‍රයෝජනය සඳහාත්ය.