චාර්ලි සිෆර්ඞ් ඇමරිකානු ක‍්‍රීඩාවන්හි වැදගත් නාමයකි. වෘත්තිමය ගොල්ෆ් සංගමයේ පළමු ඇමරිකානු අප‍්‍රිකානු ක‍්‍රීඩක සාමාජිකයා වූයේ ඔහුය. 1961 දක්වා එය “සුදු අයට” පමණක් සීමා කිරීමට නීතියක් තිබිණි. ජාතිභේද සහ හිංසාව දරාගෙන සිටි සීෆර්ඞ් ගොල්ෆ් ක‍්‍රීඩාවේ උසස්ම තලයේ තමාගේ සථානය හිමිකර ගත්තේය. 2004දී සුප‍්‍රසිද්ධ ගොල්ෆ් ක‍්‍රීඩකයන්ගේ පිළිරූ තබන ශාලාවේ ඔහුගේ පිළිරුවද තබන ලදී. චාර්ලි සීෆර්ඞ් සියලු ජනවර්ග වල පුද්ගලයන්ට ගොල්ෆ් ක‍්‍රීඩාව විවෘත කළේය.

ශුභාරංචි ධර්මදූත සේවයේද දොරවල් විවෘත වීම ජනප‍්‍රිය තේමාවකි. “එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත‍්‍රයාණන්ගෙත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සැමකල්හිම නුඹලා සමඟ සිටිමි” යනුවෙන් යේසුස්වහන්සේ කීසේක (මතෙව් 28:19-20).

“ජාතීන්” යන වචනය “එත්නොස්” යන ග‍්‍රීක වචනයේ පරිවර්තනයකි. “ජනවාර්ගික” යන අදහස සෑදී ඇත්තේ එයිනි. තවත් ලෙසකට කිවහොත් “ගොස් සියලු ජනවර්ගවල සෙනඟගෙන් ගෝලයන් බිහිකරන්න.” කුරුසිය මත යේසුස්වහන්සේ කළසේවය සියලුදෙනාට පියාණන් වෙත යාමට මාර්ගය විවර කළේය.

දෙවියන්වහන්සේ අපට සැලකූ ලෙස අන් අයට සැලකීමට දැන් අපට වරප‍්‍රසාදය ලැබී තිබේ. තමන්ව පුද්ගලිකව දෙවියන්වහන්සේගේ ගෘහයට සහ පවුලට ඇතුලත් කරනු ඇතැයි සිහිනෙන්වත් නොසිතූ අයට දොර විවෘත කිරීමට අපට පුළුවන.