තරුවක් යනු, ජනප‍්‍රිය වීමට තම ජීවිතය පුරා ඉතා මහන්සිවී ඉන්පසු සෙනඟ ඔහු හඳුනාගන්නවාට බියෙන් අව්කණ්ණාඩි පළඳින අයෙකි”යැයි විකට නළු ෆෙඞ් ඇලන් කියා තිබේ. ප‍්‍රසිද්ධිය බොහෝ විට පුද්ගලිකත්වය නැතිකර අනවශ්‍ය ආකර්ෂණයක් ගෙන එයි.

යේසුස්වහන්සේ ඉගැන්විමේ සහ සුවකිරිමේ ප‍්‍රසිද්ධ සේවය ආරම්භ කළ විට උන්වහන්සේ ප‍්‍රසිද්ධියට පත්වී උපකාර අවශ්‍ය සෙනඟගෙන් වටවී සිටිසේක. උන්වහන්සේ ගිය ගිය තැන්වලට ජනයා පසුපසු ආවෝය. එහෙත් ශක්තිය සහ දැක්ම පවත්වා ගැනීමට දෙවියන්වහන්සේ සමඟ තනිව කාලය ගත කිරිම අවශ්‍ය බව යේසුස්වහන්සේ දැන සිටිසේක.

”රාජ්‍යය ප‍්‍රකාශ කරන්ටත් රෝගීන් සුව කරන්ටත්”ගොස් සාර්ථකව  යේසුස්වහන්සේගේ ගෝලයන් 12 දෙනා පැමිණි විට උන්වහන්සේ ඔවුන් නිසල ස්ථානයකට විශ‍්‍රාමය පිණිිස ගෙන ගියසේක (ලූක් 9:2,10). කෙසේ වෙතත් සෙනඟ ඔවුන් සොයා ගත්තෝය.”උන්වහන්සේ ඔවුන් පිළිගෙන දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කථාකොට සුවය ඕනෑ අයට සුවකළසේක”(11 පදය). ආහාර සොයා ඔවුන් යවනවා වෙනුවට ස්වාමිවන්හන්සේ ඔවුන් 5000කට එළිමහනේ කෑමක් පිළියෙල කරන සේක (12-17 පද).

කුතුහලයෙන් පිරි, වේදන විඳින සෙනඟගේ පීඩනයෙන් යේසුස්වහන්සේට ගැළවී සිටීමට නොහැකි විය. එහෙත් උන්වහන්සේ ප‍්‍රසිද්ධ සේවය සහ පුද්ගලික නිදහස සමතුළිත කර ගත්සේක. නිවාඩු ගෙන තම පියාණන් සමඟ යාච්ඤාවට කාලය ගත්සේක (ලූක් 5:16).

උන්වහන්සේගේ නාමයෙන් අන් අයට සේවය කරන විට අපි අපගේ ස්වාමින්වහන්සේගේ ආදශය අනුගමනය කරමු