ප‍්‍රවෘත්තිය ඇඟ හිරිවැටීමට සැලැස්වීය. කඳුළු කැට රූරා වැටිණි. එ්වා නවත්වාගැනීමට ඇයට නොහැකි විය. ඇයගේ මනසට ප‍්‍රශ්න රැසක් ගලා ආ අතර බිය දරාගත නොහැකි විය. ජීවිතය මෙතෙක් කල් ඉතා අනර්ඝ ලෙස ගලා ආ නමුත් හදිසියේ පැමිණි බාධාව නිසා අනතුරු ඇඟවීමකින් තොරව එය සදහටම වෙනස් විය.

අප ප්‍රේම කරන අයෙකුගේ වියෝවීමක්, රෝගයක්, ධනය හෝ ජීවන මාර්ගය අහිමි වීමක් යනාදී වශයෙන් ඛේදවාචක විවිධාකාරයෙන් පැමිණිය හැකිය. එය ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක සිදුවිය හැකිය.

ඛේදවාචක එන බව හබක්කුක් කලින් දැන සිටියද ඔහුගේ සිත බියෙන් පිරිණි. යුදා රාජ්‍යය බබිලෝනි ආක‍්‍රමණයට හසුවන දිනය එනතුරු බලා සිටින විට ඔහුගේ හදවත ගැහෙන්නටද තොල් සහ පා වේවලීමටද විය (හබක්කුක් 3:16).

ඛේදවාචකය ඉදිරියෙහි බිය සාධාරණ හැඟීමක් වන නමුත් ඉන් අප අකර්මන්‍ය විය යුතු නැත. අප මුහුණ දෙන සෝදිසි අපට නොතේරෙන විට දෙවියන්වහන්සේ ඉතිහාසයේ ක‍්‍රියාකර ඇති ආකාරය අපට මතක් කර ගතහැකිය (3-15 පද). හබක්කුක් කළේ එයයි. ඉන් ඔහුගේ බිය පහවුණේ නැත. එහෙත් ස්වාමින්වහන්සේට ප‍්‍රශංසා කරමින් ඉදිරියට යාමට එය ඔහුට ධෛර්යය දුන්නේය (18 පදය).

වසර ගණනාවක් මුළුල්ලේ විශ්වාසවන්තව සිටි අපගේ දෙවියන් වහන්සේ සැම විට අප සමඟ සිටිනසේක. උන්වහන්සේගේ චරිතය වෙනස් නොවන නිසා, අපට බිය ඇති විට ස්ථිර ඇදහිල්ලේ හඩකින් “ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලය”ය කියා අපට කිවහැකිය (19 පදය).