ශීත සෘතුවේදී ඉඩාහෝහි ඇති අපගේ මිටියාවත දැඩි ශීතලක් ගනී. ඉහළ ඇති උණුසුම් වායුවෙන් පහත ඇති ශීතල වාතය සිරකරමින් වළාකුල් සහ මීදුම අධිකව ගලා ඇවිත් පොළොව වසාගනී. එහෙත් ඔබට මිටියාවතෙන් ඉහළට යාමට හැකිය.

අඩි 7,500ක් උස ශාෆර් බට් නම් කන්ද වටා යන පාරක් ඇත. විනාඩි කිහිපයක් වාහනයෙන් ගමන් කරන විට ඔබට මීදුම පසුකර උණුසුම් දහවල් ආලෝකයට පැමිණිය හැක. ඔබට පහත මිටියාවත වසා ඇති වළාකුල් වෙනත් දෘෂ්ටියකින් දැකිය හැකිය.

ජීවිතයද සමහර විට එවැනිය. හිරු එළිය නොවැටෙන ගැටළු නැමති මීදුම මින් අපව වැසී ඇතැයි පෙනේ. එහෙත් මිටියාවතින් ඉහළ යාහැකි මාර්ගය ඇදහිල්ලයි. “උසස් තැන්හි දේවල” දෙස අපගේ සිත් යොමු කළ හැකි ක‍්‍රමය එයයි (කොලොස්සි 3:1). අප එසේ කරන විට අපගේ අවස්ථාවන්ට වඩා ඉහළට යාමට ස්වාමින්වහන්සේ අපට හැකියාව දෙනසේක. එදිනට අවශ්‍ය නිසලතාව සහ ධෛර්යය උන්වහන්සේ සපයනසේක. පාවුල් අපොස්තුළුවරයා ලියූ ආකාරයට “මම මොන ස්වභාවක සිටිම් නුමුත් ඊට සතුටුවෙන්ට මම ඉගෙන ගෙන සිටිමි” (පිලිප්පි 4:11).

අපගේ කාළකණ්ණි ස්වභාවයෙන් සහ අඳුරෙන් ගොඩ එ්මට අපට හැකිය. අපට කඳු මුදුනේ ටික වේලාවක් වාඩිවී සිට, අපට ශක්තිය දෙන ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් වෙනස් දැක්මක් ලබාගත හැකිය (13 පදය).