කුඩා කල මම ගස් නැගීමට ඉතා ආශා කළෙමි. ඉහළට නැග්ග තරමට පෙනෙන දර්ශනයද පුළුල් විය. සමහර විට වඩාත් හොඳ දර්ශනයක් සඳහා මම අත්තේ කෙළවරට යාමට උත්සාහ කරන්නෙමි. එවිට මගේ බරෙන් අත්ත නැවෙනවා මට දැනේ. දැන් මාගේ ගස් නැගීමේ කාලය අවසන්වී ඇත. එය පුදුමයට කරුණක් නොවේ. දැන් එය ආරක්ෂිිත හෝ ගෞරවණීය නැතැයි මට සිතේ.

සාකෙවුස් නම් ධනවත් මනුෂ්‍යයා දිනක් යෙරිකෝවේ ගසකට නැග්ග විට තම වැදගත්කමත් (සමහර විට ආරදිාවත්)පැත්තකට දැමීය. යේසුස්වහන්සේ නගරය හරහා ගමන් කරමින් සිටි අතර සාකෙවුස්ට උන්වහන්සේ බැලීමට අවශ්‍ය විය.” එහෙත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය”(ලූක් 19:3). ඔහුගේ මිටිකම හෝ සමූහයා, යේසුස්වහන්සේ දැකීමෙන් හෝ ක‍්‍රිස්තුස්වහන්සේට කථා කිරීමෙන් ඔහු වැළැක්වූයේ නැත. සාකෙවුස්ගේ සැලැස්ම වැඩ කළේය ඔහුට යේසුස්වහන්සේ හමුවූ විට සදහටම ඔහුගේ ජීවිතය වෙනස් විය. ”ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය”යි යේසුස්වහන්සේ පැවසූසේක (9 පදය).

යේසුස්වහන්සේ දැකීමෙන් අපද වළක්වන දේ තිබිය හැක. අපූර්ව මන්ත‍්‍රීවරයා ලෙස උන්වහන්සේ දැකීම අපගේ උඩඟුකම වළක්වා ලිය හැකිය. කනස්සල්ල අපව උන්වහන්සේ සමාදානයේ කුමරා ලෙස දැකීමෙන් අප වැලැක්විය හැක (යෙසායා 9:6). අප තත්ත්වයට වස්තුවට ආශා කළ විට සැබෑ තෘප්තියේ මාර්ගය එනම් ජීවනදායක කෑම ලෙස උන්වහන්සේ නොදැකිය හැකිය (යොහන් 6:48).

යේසුස්වහන්සේ වඩා හොඳට දැකීමට ඔබ කරන්න කැමති කුමක්ද? උන්වහන්සේට ළංවීමට ගන්නා ඕනෑම අවංක උත්සාහයක් ඔබව උන්වහන්සේට සමීප කරනු ඇත. උන්වහන්සේව අවංකව සොයන අයට දෙවියන්වහන්සේ ප‍්‍රතිඵල දෙනසේක (හෙබ්‍රෙව් 11:6).