ඕලන්දයේ ශේ‍්‍රෂ්ඨ චිත‍්‍රශිල්පියෙකුවූ රෙම්බ‍්‍රාන්ඞ්ට් වයස 63දී හදිසියේ මිය ගිය පසු ඔහුගේ චිත‍්‍රාගාරයේ තිබී අවසන් නොකළ චිත‍්‍රයක් හමුවිය. යේසුස්වහන්සේ ඉපිද දින 40කට පසු යෙරුසලමේ දේව මාළිගයට ගෙන ආ විට උන්වහන්සේව වඩාගෙන සිටි සිමියොන්ගේ හැඟීම් ඉන් නිරූපණය වේ. එම චිත‍්‍රයේ පසුබිම සහ අනෙකුත් සාමාන්‍ය තොරතුරු අවසන් කර නොතිබිණි. සමහර කලා විශේෂඥයින් සිතන්නේ රෙම්බ‍්‍රාන්ඩට් තමාගේ ජීවිත කාලය අවසන්ව ඇති බව දැන සිමියොන් මෙන් ඔහුද යාමට සුදානම්ව සිටි බවය (ලූක් 2:29).

ශුද්ධාත්මයාණෝ සිමියොන් මත විය (25 පදය). එහෙයින් මරියා සහ යෝසෙප් තම කලුඳුල් දරුවා කැප කිරීමට පැමිණි විට ඔහුද දේව මාළිගාවේ සිටීම අහම්බෙන් වූවක් නොවේ. පොරොන්දු වූ මෙසියස්වහන්සේ එනතුරු බලා සිටි සිමියොන්, දරුවා අතට ගෙන ”ස්වාමින්වහන්ස, දැන් ඔබගේ වචන ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක· මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ‍්‍රායෙල් සෙනඟගේ තේජසද වූ සියලූ මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙල කළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දිටිමි”යනුවෙන් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කළේය (29-32 පද).

සිමියොන් ඉශ‍්‍රායෙල් ඉතිහාසයේ තේජසේ දින ගැන සිතමින් තැවුනා නොව සියලූ ජාතීන් ගළවන්නාවූ පොරොන්දුවේ මෙසියස් වහන්සේ පැමිණෙන ඉදිරි දින දෙස ඔහු බලා සිටියේය.

සිමියොන් මෙන් අපටද බලාපොරොත්තුවේ ඉදිරි දර්ශනයක් ඇතුව සිටිය හැකිය. මන්ද මතු දිනකදී අපි ස්වාමින්හන්සේ දකින්නෙමු.