1986 ජනවාරි 28 වන දින කාලගණික හේතුමත ගමන පස්වතාවක් ප‍්‍රමාද කරන ලද ”චැලෙන්ජර්”අභ්‍යාවකාශ යානය ශබ්දය සහ ගිනිසි මධ්‍යයේ අභ්‍යවකාශය දෙසට නික්මිණි. එහෙත් තත්පර 73ක් තුළ කාර්මික දෝශයක් නිසා යානය කෑලිවලට කැඞී, නියමුවන් 7දෙනා මරණයට පත් විය.

ඛේදවාචකයට හේතුව දුර්තාවන්ට තුඩු දෙන උපකරණයක් බව නිරීක්ෂකයෝ පැවසූහ. ආයතනය තුළ සේවය කරන්නන් කීවේ වරදට හේතුව ”ගමන් කිරීමට ඇති උණ” බවය. එනම් ශ්‍රේෂ්ඨ ඉලක්කයකට යෑමට ඇති හදිස්සිය නිසා අත්‍යාවශ්‍ය ප‍්‍රවේසම් වීම අමතක කිරීමය.

අපගේ ඉලක්කය හඹායෑමට ආශාකරන මනුෂ්‍ය ස්වභාවය, වැරදි තීරණ ගැනීමට අප පොළඹවයි. එසේම උවමනාවට වඩා ප‍්‍රවේසම් වීමටද අප තුළ ඇති බිය අපව පෙළඹවිය හැක. පුරාණ ඉශ‍්‍රායෙල්වරු මේ ගතිගුණ දෙකම පෙන්නුම් කළෝය. පොරොනදු දේශය නිරීක්ෂණය කර චරපුරුෂයන් 12දෙනා පැමිණි පසු 12න් 10ක්ම දුටුවේ බාධා පමණි. (ගණන් කථාව 13:26-330). ”එ් සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය. මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්ය” (31 පදය). බිය නිසා ඔව්හු ස්වාමින්වහන්සේට විරුද්ධව කැරළි ගසා චරපුරුෂයෝ 10ක් මියගිය පසු සෙනඟට”ගමන් කිරීමට උණක්” ඇති විය.”අප දැන් සුදානම්ය. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ස්ථානයට නැගී යමුව”(14:40). එහෙත් දෙවියන්වහන්සේගේ හස්තය නොමැතිව ඔව්හු දැඩි ලෙස පරාජය වූහ (41-45 පද).

අප ස්වාමින්වහන්සේගෙන් ඇස් ඉවතට ගත් විට අපි අන්ත දෙකෙන් එකකට යන්නෙමු. එක්කෝ නොඉවසිල්ලෙන් උන්වහන්සේ නැතිව අප ඉදිරියට යන්නෙමු. නැතිනම් බියෙන් පසුබැස කොඳුරන්නෙමු. උන්වහන්සේ දෙස අවධානය යොමු කිරීමෙන් ධෛර්යය මිශ‍්‍රවූ ප‍්‍රඥාව අපට ලැබේ.