මාගේ මුණුබුරා සහ ඔහුගේ මිතුරෝ ටීබෝල් ක‍්‍රීඩාව කරන ආකාරය බලා සිටීම විනෝද ජනකය. බේස්බොල් ක‍්‍රීඩාවේ එක් වර්ගයක් වන එහිදී, කුඩා ක‍්‍රීඩකයෝ වැරදි පිළ වෙත දිව යති. නැතිනම් පන්දුව අල්ලාගත් විට කරන්නේ කුමක්දැයි නොදනිති. අප වෘත්තිමය බේස් බොල් තරඟයක් නරඹන්නේ නම් මෙම වැරදි, විහිළු සහගත ලෙස නොපෙනෙනු ඇත.

එය මුහුකුරා යෑම පිළිබඳ කාරණයකි. කුඩා ක‍්‍රීඩකයන්ට කරන්නේ කුමක්දැයි නොදැන සිටීම හෝ කාරණා නිවැරදි ලෙස නොකිරීම ගැටළුවක් නොවිය හැක. ඔව්හු උත්සාහ කරමින් ඉගෙන ගනිති. එහෙයින් අපි ඔවුන්ව පුහුණු කර වර්ධනය වන තෙක් ඔවුන්ට මඟ පෙන්වන්නෙමු. පසුව ඔවුන් කණ්ඩායමක් ලෙස නිපුණත්වයෙන් ක‍්‍රීඩා කරන විට අපි සතුටු වෙමු.

යේසුස්වහන්සේ අනුගමනය කරන අයගේ ජීවිත වලද එවැනි දෙයක් සිදුවේ. පාවුල් පෙන්වා දුන්නේ සභාවටද “සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම” පවත්වන සෙනඟ අවශ්‍ය බවයි (එපීස 4:2). එසේම “වර්ධනය වීම” උදෙසා අප “ඇදහීමේ එකමුතුකම” පිණිස ඉදිරියට යන විට විවිධ “පුහුණුකරුවන්ද” බොහෝමයක් අවශ්‍යවේ (සභාපාලකයන්, ගුරුවරුන්, ආත්මික උපදේශකයන්) (13 පදය).

දේශනාවට සහ ඉගැන්වීමට ඇහුම්කන් දෙමින් සභාවේ ජීවිතය අප භුක්ති විඳින විට අපගේ ඉලක්කය ක‍්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වීමය (15 පදය). අප සැමදෙනම මෙම ගමනෙහි යෙදී සිටින අතර යේසුස්වහන්සේ තුළ වර්ධනය වන මාර්ගයේදී එකිනෙකා දිරිමත් කිරීමට අපට හැකිවේ.