දිනක් මට රෝස පාට ටියුලිප් මල් කළඹක් ලැබිණි. මම එය මල් පෝච්චියක සකසන විට එ්වා ඝනකම නටුවල සෘජුව බැබළිණි. මම මල් පෝච්චිය කුස්සියේ මේසයේ හරිමැද තැබුවෙමි. ඊළඟ දවසේ මම බලන විට ඒවා වෙනත් පැත්තකට හැරී තිබිණි. මල් සහ පොහොට්ටු ජනේලයෙන් එන හිරු රැස් වෙත නැවී, විවෘතවී තිබිණි.

එක් අතකින් අප සියල්ලෝ එම මල් මෙන් වීමට සාදා තිබේ. උන්වහන්සේගේ ප්‍රේමයේ ආලෝකය දෙසට හැරීම සඳහා දෙවියන්වහන්සේ අප කැඳවා ඇත. “අන්ධකාරයෙන් (දෙවියන්වහන්සේගේ) විස්මපත් ආලෝකයට” යනුවෙන් අපට ලැබුණු අනර්ඝ කැඳවීම ගැන පේතෘස් කථා කරයි (1 පේතෘස් 2:9). දෙවියන්වහන්සේ දැනගැනීමට පෙර අප ජීවත්වූයේ පාපයේ සහ මරණයේ සෙවනැල්ලේය. එය අප උන්වහන්සේගෙන් වෙන් කර තැබුවේය (එපීස 2:1-7). එසේ වුවද දෙවියන්වහන්සේගේ දයාව සහ ප්‍රේමය නිසා ආත්මික අන්ධකාරයෙන් පිටතට එ්මට මඟක් උන්වහන්සේගේ පුත‍්‍රයාණන්ගේ මරණය සහ නැවත නැගිටීමෙන් අපට විවෘත කළසේක (කොලොස්සි 1:13-14).

යේසුස්වහන්සේ ලෝකයේ ආලෝකය වන අතර පාප සමාව ඉල්ලා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සැමට සදාකාලික ජීවනය ලැබේ. උන්වහන්සේගේ යහපත්කම සහ සත්‍යය අපට වඩ වඩා අවබෝධ වන්නේ අප උන්වහන්සේ වෙතට නැඹුරු වන තරමටය (එපීස 5:8-9).

ආලෝකය දෙසට නැඹුරුවීමට අප කිසිවිටෙක අමතක නොකරමු