මා කුඩා කල මාගේ පියා කැලැවේ සැඟවී සිට සිංහයෙකු මෙන් ගොරවා අප  “භය” කරවයි. 1960දී අප ඝානාවේ ගම්බද පෙදෙසක සිටියද සිංහයෙකු අසල සිටීම කිසිසේත් විය නොහැකිය. මාගේ මල්ලිත් මාත් සිනහසෙමින් ශබ්දය ආවේ කොහෙන්දැයි සොයා යන්නේ පියා සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටුවෙමිනි.

එක් දිනක් කුඩා මිතුරියක් අප බැලීමට ආවාය. අප සෙල්ලම් කරමින් සිටින විට අපට පුරුදු ගෙරවිල්ල ඇසිණි. අපේ මිතුරිය කැගසමින් පැන දිව්වාය. අපගේ පියාගේ කට හඬ මාත් මාගේ සහෝදරයාත් දැනගතිමු. යම් “අනතුරක්” ඇත්නම් එ් බොරු සිංහයෙකු ගෙන් බව අපි දනිමු. එහෙත් අමුතු දෙයක් සිදු විය. අපිද ඇය සමඟ දිව්වෙමු. අපගේ මිතුරිය බිය වීම ගැන මාගේ පියා කණගාටුවට පත්වූ අතර අන් අයගේ බියපත් ප‍්‍රතිචාරවල බලපෑමට යටත් නොවීමට මමත් මගේ මල්ලිත් එදින ඉගෙන ගතිමු.

අන් අයගේ බියෙන් නොසැලුණු මිනිසුන් ලෙස යෝෂුවා සහ කාලෙබ් කැපී පෙනේ. ඉශ‍්‍රායෙල් පොරාන්දු දේශයට අවතීර්ණ වීමට සූදානම්ව සිටියදී පළාත නිරීක්ෂණය සඳහා මෝසෙස් චරපුරුෂයන් 12 දෙනෙකු යැවීය. ඔව්හු සියලු දෙනා අනර්ඝ පළාතක් දුටුවෝය. එහෙත් දස දෙනෙක් බාධා දෙස පමණක් බැලුවෝය. ඔව්හු මුළු ජාතියම අධෛර්යය කළෝය (ගණන් කථාව 13:27-33). එ් තුළින් විශාල වියවුලක් ඇති කළෝය (14:1-4). කාලෙබ් සහ යෝෂුවා පමණක් තත්ත්වය නිවැරදිව ඇගැයීමට භාජනය කළෝය (6-9 පද). ඔව්හු තම පියාණන්වහන්සේගේ ඉතිහාසය දැන සිටියෝය. සාර්ථකත්වය ගෙන එන පිණිස ඔව්හු උන්වහන්සේ විශ්වාස කළෝය.

සමහර “සිංහයෝ”  සැබෑ තර්ජනයක් ගෙන එති. අනිත් උන් බොරු සිංහයෝය. කුමක් වුවත් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අපගේ විශ්වාසය ඇත්තේ අප, හඩ දන්නා තැනන්වහන්සේ කෙරෙහිය.