දකුණු අප‍්‍රිකානු සභාපාලක ඇන්ඩෲ මරේ 1895දී එංගලන්තයට එන අතරතුර ඔහුට තද පිටේ කැක්කුමක් ඇති විය. ඔහු සුව වෙමින් සිටින අතර ඉතා වේදනාවෙන් සිටින කාන්තාවකට යම් අනුශාසනයක් දිය හැකිදැයි ගුවන් සේවිකාවක් පැමිණ විමසුවාය.” මේ පත‍්‍රිකාව ඇයට දෙන්න මේක මම ලියමින් සිටියේ මගේ ධෛර්යයට. එය ඇයට උපකාරයක් වේවි”  මරේ පිළිතුරු දුන්නේය.  ලියා තිබුණේ මෙසේය.

පළමුව – දෙවියන්වහන්සේ මා මෙතැනට ගෙනා සේක. මේ අසීරුතාවයේ මා සිටින්නේ උන්වහන්සේගේ කැමැත්ත නිසාය. එහෙයින් මම සැනසෙමි.

ඊළඟ – උන්වහන්සේ මා පේ‍්‍රමයෙහි තබාගෙන උන්වහන්සේගේ දරුවෙකු ලෙස මේ සෝදිසිය තුළ හැසිරීමට මට කරුණාව දෙනු ඇත. ඉන්පසු – මේ සෝදිසියට උන්වහන්සේ ආශිර්වාද කරනු ඇත. මා ඉගෙන ගත යුතු යැයි උන්වහන්සේ සිතන පාඩම් මට උගන්වනු ඇත. උන්වහන්සේ මට දීමට අරමුණු කරන ආශිර්වාද මට දෙනු ඇත.

අවසානයේදී – උන්වහන්සේගේ යහපත් කාලයේදී මා ඉන් පිටතට ගැනීමට උන්වහන්සේ දන්නාසේක. කෙසේද? කවදාද කියා උන්වහන්සේ දන්නාසේක. මා මෙහි සිටින්නේ දෙවියන්වහන්සේගේ සැලැස්මටය, උන්වහන්සේ යටතෙහිය, උන්වහන්සේගේ පුහුණුවෙහිය, උන්වහන්සේගේ කාලය සඳහාය.

අපට ක්ෂණික විසඳුමක්, ක්ෂණික අලූත් වැඩියාවක් අවශ්‍යය. එහෙත් සමහර දේ එතරම් ඉක්මනින් පිටුදැකිය නොහැකිය. කළ හැක්කේ එ්වා පිළිගැනීම පමණි. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පේ‍්‍රමය තුළ අප තබනු ඇත. උන්වහන්සේගේ අනුග‍්‍රහය තුළ අපට විශ‍්‍රාමය ලැබිය හැකිය.