රජය සමග ඉශ‍්‍රායෙල්වරුන්ට ගැටළුවක් ඇති විය. එ් ක‍්‍රි.පූ. 500යේ අගභාගයේදීය. ක‍්‍රි.පූ. 586දී බබිලෝනිවරුන් විසින් විනාශ කරන ලද ඔවුන්ගේ දේව මාළිගය නැවත ගොඩනැගීමට යුදෙව්වන්ට අවශ්‍ය විය. කෙසේවෙතත් ඔවුන්ගේ පළාතේ ආණ්ඩුකාරයා, ඔවුන් එය කිරීම නිවැරදි දැයි නොදත්තේය. එහෙයින් ඔහු දාරියුෂ් රජුට ලිපියක් යැව්වේය (එස්රා 5:6-17).

එම ලිපියෙහි යුදෙව්වෝ මාළිගය ගොඩනගමින් සිටින බවද එ් සඳහා ඔවුන්ට අවසර ඇද්දැයි දැනගැනීමට අවශ්‍ය බවද ඔහු පවසයි. එසේම පෙර සිටි රජෙකු (කෝරෙෂ්) අවසර දුන් බවට ඔව්හු ගරුසරු සහිතව කියා සිටින බවද ඔහු කියයි. රජු එම කථාව පරික්ෂා කර බැලූ විට එය සත්‍ය බව ඔහු දැනගත්තේය. කෝරෙෂ් රජු ඔවුන්ට දේව මාළිගය සෑදීමට අවසර දී තිබිණි. එහෙයින් දාරියුෂ් එයට අවසර දුන්නා පමණක් නොව එයට අවශ්‍ය මුදල්ද දුන්නේය (6:1-12 බලන්න). ඔව්හු මාළිගය නිමවා අවසන් කළ පසු එය ප‍්‍රීතියෙන් සැමරුවෝය. “මක්නිසාද දෙවියන්වහන්සේගේ… ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂුර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමින්වහන්සේ ඔවුන් ප‍්‍රීති කෙරෙවූසේක” (6:22).

විසඳිය යුතු අවස්ථාවක් අප දුටු විට අපගේ අවශ්‍යතාවය ගරුසරු ලෙස ඉල්ලූ විට අපි දෙවියන්වහන්සේ සතුටු කරන්නෙමු. උන්වහන්සේ සැම අවස්ථාවකදීම පාලනයේ සිටින බව විශ්වාසකර ප‍්‍රතිඵලය ගැන කාතඥතාවයෙන් තුති කරන්න.