ජෙනීගේ නිවස පිහිටා ඇත්තේ ගමේ කුඩා පාරකය. ප‍්‍රධාන මාර්ගය මඟ හැරීමට අවශ්‍ය රියදුරෝ බොහෝ විට එම මාර්ගය භාවිතා කරති. සති කිහිපයකට පෙර පාර අලුත්වැඩියාවට කම්කරුවෝ පැමිණියෝය. ඔව්හු පාර අවහිර කොට “ඇතුල්වීම තහනම්” සලකුණු දැමුවෝය. “මම භයවුනා, මම හිතුව පාර හදල ඉවර වෙන කල් රථය එළියට ගන්න බැරිවෙයි කියලා. එහෙත් එම පුවරුව දෙස හොඳින් බැලූ විට ‘පදිංචිකරුවන්ට හැර’ කියා කුඩා අකුරින් ලියා තිබිණි. මට බාධක හෝ විකල්ප මාර්ග වලින් යාමට අවශ්‍ය නැත. මම එහි පදිංචි නිසා අවශ්‍ය වේලාවට යාමට හෝ ඊමට හැකියාව තිබිණි. මම විශේෂ යැයි මට දැනිණි” ජෙනී කීවාය.

පරණ ගිවිසුමේදී දෙවියන්වහන්සේ වෙත කුඩාරමේදී සහ මාලිගාවේ දී ප‍්‍රවේශ වීමේ දැඩි සීමාවන් තිබිණි අති ශුද්ධස්ථානයට තිරය තුළින් ඇතුල්වී වසරකට වරක් පූජා ඔප්පුකිරීමට හැකියාව තිබුණේ උත්තම පූජකයාට පමණි (ලෙවි 16:2-20, හෙබ්‍රෙව් 9:25-26). එහෙත් යේසුස්වහන්සේ මියගිය මෙහොතේ මාළිගයේ තිර ඉහළ සිට පහළට ඉරී දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර බාධකය සදහටම අවසන් විය (මාර්ක් 15:38).

අපගේ පාප සඳහා ක‍්‍රිස්තුස්වහන්සේගේ පූජාව නිසා උන්වහන්සේට පේ‍්‍රමකර අනුගමනය කරන අයට ඕනෑම වේලාවක උන්වහන්සේගේ අභිමුඛයට පැමිණිය හැකිය. ප‍්‍රවේශවීමේ අයිතිවාසිකම උන්වහන්සේ අපට දී ඇත.