මම මාගේ පාපැදිය නවතා කේම්බි‍්‍රජ් නගරයේ සිතියම දෙස නැවත බැලීමි.පාරවල් සොයා ගැනීම මාගේ නිපුණත්වය නොවීය. මේ ඓතිහාසික ගොඩනැගිලි අතර තිබූ පාරවල් ජාලයේ මා අතරමංවීමට ඉඩ තිබිණි.

මාගේ ඉංග‍්‍රීසි ජාතික ස්වාමිපුරුෂයා සමඟ විවාහවී එංගලන්තයට ඇවිත් වැඩි කාලයක් නොවීය. ජීවිතය අනර්ඝ විය යුතුව තිබිණි. එහෙත් ජීවිතය  ඔහේ පාවෙනවා යැයි මට සිතණි. මා කට වසාගෙන සිටියදී අන් අය සමඟ හොඳින් මිශ‍්‍ර වී සිටියෙමි. එහෙත් කථා කළ විට මා ඇමරිකානු සංචාරකයෙකු යැයි ඔව්හු සිතූහ. මගේ භූමිකාව මට වැටහී නොගියේය. මුරණ්ඩු දෙදෙනෙකු එකතු කිරීම මා සිතුවාට වඩා අසීරු බව මට දැනුණි.

අලූත් දේශයක විදේශිකයෙකු සහ අමුත්තෙකු ලෙස ජීවත්වීමට දෙවියන්වහන්සේගේ කැඳවීමට කීකරුවූ ආබ‍්‍රහම් සමඟ මා සන්සන්දනය කර ගතිමි (උත්පත්ති 12:1). ආබ‍්‍රහම් සංස්කෘතික අභියෝග තුළින් ගිය නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අත්නෑර සිටියේය. වසර 2000කට පසු හෙබ්‍රෙව් කර්තෘ ඔහු වීරයෙකු ලෙස නම් කළේය (11:9). එම පරිච්ෙජ්දයේ සිටින අනිකුත් ස්ත‍්‍රීන් සහ පුරුෂයින් මෙන් ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් ජීවත් විය. පොරොන්දු≥වූ දේ ගැන බලාපොරොත්තුවෙන් ඔහුගේ ස්වර්ගීය නිවාසය ගැන ඔහු බලා සිටියේය.

සමහර විට ඔබ සැමදා එකම නගරයේ සිටියා විය හැකිය. එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අප සියල්ලෝ විදේශිකයන් සහ අමුත්තන් ලෙස මේ ලෝකයේ සිටිමු. දෙවියන්වහන්සේ අපට නායකත්වය දී මඟපෙන්වන බව දැන ඇදහිල්ලෙන් අපි ඉදිරියට යමු. උන්වහන්සේ අප අත්නාරින බව අපි ඇදහිල්ලෙන් විශ්වාස කරමු. ඇදහිල්ලෙන් අපගේ සාදාකාලික නිවාසය බලාපොරොත්තුවෙන් සිටිමු.