1952දී ෆොලොරන්ස් චැඞ්වික් කැලිෙෆා්ර්නියා වෙරළේ සිට කැටලීනා දුපත දක්වා සැතපුම් 26ක් පිහිනීමට තැත් කළාය. පැය 15කට පසු අධික මීදුම ඇයගේ පෙනීමට බාධා කළ නිසා ඇය වියවුල් වූවාය. එහෙයින් ඇය ගමන අත්හැරියාය. ඇයගේ ගමනාන්තයට තිබුණේ තව සැතපුමක් පමණක් බව පසුව දැනගත් විට ඇයට දැඩි දුකක් ඇති විය.

මාස දෙකකට පසු නැවත ඇය වෙරළේ සිට කැටලීනා දුපතට පිහිනීම ආරම්භ කළාය. එවරත් මීදුම බාධාවක් විය. එහෙත් මෙවර ඇය ගමන අවසන් කළාය. එම ගමන අවසන් කළ පළමු ස්ත‍්‍රිය ඇය විය. දුපතේ වෙරළ නොපෙනුනත් ඇයගේ මනසේ චිත‍්‍රයක් ලෙස එය සිතෙහි තබා ගෙන පිහිනූ බව ඇය පසුව කීවාය.

ජීවිතයේ ගැටළු අපගේ දර්ශනය අවහිර කරන විටද ඇදහිල්ලෙන් අපගේ ඉලක්කය දෙස බැලීමට අපට අවස්ථාවක් ඇත. අලූත් ගිවිසුමේ හෙබ්‍රෙව් පොත අප උද්යෝගිමත් කරන්නේ “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින් අප ඉරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු”  කියාය (12:1-2). අපට අත්හැරීමට සිතෙන විට අප මතක තබා ගත යුත්තේ අප යේසුස්වහන්සේ වින්දාවූ දේ පමණක් නොව, අප උන්වහන්සේ මුහුණට මුහුණ දකින තෙක් අපට දරාගැනීමට උන්වහන්සේ දැනට උපකාර කරන දේවල්ද අප මතක තබා ගත යුතුය.