නාබල් නම් සමෘද්ධිමත් තක්කඩියෙකු සොයා දාවිත් සහ ඔහුගේ යුද විරුවෝ 400ක් ගම් සිසාරා ඇවිද ගියෝය. දාවිත්ට උපකාර කිරීම ඔහු රළු ලෙස ප‍්‍රතික්ෂේප කර තිබිණි. නාබල් හමුවීමට පෙර ඔහුගේ බිරිඳ අබිගායින් හමු නොවූයේ නම් දාවිත් ඔහුව මරා දමන්නට ඉඩ තිබිණි. ඇය හමුදාවකට අවශ්‍ය ආහාර පටවාගෙන පිටත්වී යුද භටයන් හමුවී විනාශය වැලැක්වීමට ක‍්‍රියා කිරීමට බලාපොරොත්තු වූවාය. ඔහු පළිගතහොත් සැමදා ඔහුගේ සිත දාවිත්ට දොස් පවරනු ඇති බව ඇය ගරුසරු ඇතිව දාවිත්ට මතක් කළාය (1 සාමුවෙල් 25:31). ඇය නිවැරදි බව තේරුම් ගත් දාවිත් ඇයගේ යහපත් විනිශ්චය ගැන ඇයට ආශිර්වාද කළේය.

දාවිත්ගේ කෝපය සාධාරණය. ඔහු නාබල්ගේ එඩේරුන් වනාන්තරයේදී ආරක්ෂා කර තිබිණි (14-17 පද). එහෙත් යහපතට නපුරෙන් ඔහුට ප‍්‍රතිචාර ලැබී තිබිණි. එහෙත් දාවිත්ගේ කෝපය ඔහු පාපය කරා ගෙනයමින් තිබිණි. දෙවියන්වහන්සේ මිනීමැරීම සහ පළිගැනීමට අකමැති බව දැන සිටියද දාවිත්ගේ පළමු අදහසවූයේ නාබල්ගේ පපුව තුළට කඩු පත යැවීමය (නික්මයාම 20:13; ලෙවී කථාව 19:18).

අපට කව්රුන් හෝ වරදක් කළ විට අප තුළින් පැමිණෙන ආවේග දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වන හැසිරීම් රටාව සමඟ සංසන්දනය කිරීම හොඳය. සෙනඟට වාචිකව පහරදීමට, තනිවීමට හෝ විවිධාකාරයෙන් පැන යාමට අප නැඹුරු විය හැකිය. කෙසේවෙතත් කරුණාවන්ත ප‍්‍රතිචාරයක් තෝරා ගන්නේ නම් පසුව දුක්වීමට සිදු නොවේ. වඩා වැදගත් වන්නේ ඉන් දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වීමය. අපගේ සම්බන්ධතාවලදී අපේ ආශාව දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කිරීම නම් අපගේ සතුරන් පවා අප සමඟ සාමයෙන් තැබීමට උන්වහන්සේට පුළුවන (හිතෝපදේශ 16:7).