මගේ ස්වාමිපුරුෂයා හදවත් සැත්කමකට භාජනය වූ පසු මා මුළු රාත‍්‍රියම ඔහුගේ ඇඳ අද්දර ගත කළෙමි. දහවල් මා කොණ්ඩය කැපීමට වේලාවක් දමා ඇති බව මට මතක් විය. “මම එ්ක අවලංගු කරනවා” මගේ අවුල්වූ හිසකෙස් අතගාමින් මම කීවෙමි. “අම්මේ මුහුණ සොදාගෙන ඒ වැඩේට යන්න” කියා මගේ දියණිය කීවාය.

“නැහැ නැහැ එ්කට කමක් නැහැ, මට මෙහේ ඉන්න ඕනේ” මම කීවෙමි. “මම ඉන්නම්. ඔයාව ඔයා බලාගන්න, ඔයා හොඳින් හිටියොත් තාත්තාට වඩාත් හොඳයි” රෝසි කීවාය.

මෝසෙස් ඉශ‍්‍රායෙලයේ විනිශ්චයකාරයා ලෙස සේවය කර වෙහෙසවී සිටියේය. යෙත්රෝ ඔහුගේ බෑණා වන මෝසෙස්ට කීවේ, “නුඹ… එ්කාන්තයෙන් වැහැරී යන්නේය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය. නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය” කියාය (නික්මයාම 18:18). අන් අයට වැඩ පවරා බර බෙදාගත හැකි ක‍්‍රමය ඔහු ඉන්පසු මෝසෙස්ට  කියා දුන්නේය.

කිතුනු ජීවිතයේදී එය පරස්පර විරෝධී බව පෙනුණද තමන් ගැන බලා ගැනීම සුවදායක ජීවිතයකට අත්‍යවශ්‍යය (මතෙව් 22:37-39; එපීස 5:29-30). අප දෙවියන්වහන්සේට පළමුවද අන් අයට ඊළඟටද පේ‍්‍රම කළ යුතුමය. එහෙත් අපගේ ශරීර සහ ආත්ම අලුත් කර ගැනීමට සෑහෙන නිවාඩුවක් අපට අවශ්‍යය. සමහර විට එ් සඳහා අප පැත්තකට වී අපට උදව් කිරීමට අන් අයට ඉඩ දීමටද සිදුවේ. යේසුස්වහන්සේ යාච්ඤා කිරීම පිණිස බොහෝ විට ඉවත්ව ගියසේක (මාර්ක් 6:30-32). අප උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ විට අපි අපගේ සම්බන්ධතාවලදී වඩාත් කාර්යක්ෂම වන්නෙමු. එවිට අන් අයට, වඩා හොඳින් සැලකීමට හැකියාව අපට ලැබේ