සිංගප්පූරු විශ්ව විද්‍යාලයේ කාර්මික සැලසුම් උපාධිධාරිණියකට වැඩමුළුවකදී සමාන්‍ය දේවල් භාවිතා කරමින් පොදු ප‍්‍රශ්නයකට අලුත් විසඳුමක් සොයාගැනීමේ අභියෝගයක් ලැබිණි. ඇය කෙනෙකු සෙනඟ පිරුණු දුම්රියක හෝ බස් රියක යන විට තමාගේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගැනීම සඳහා උපකාරවන කබායක් සෑදුවාය. කබායෙහි නැවෙන සුළු දිගැති ප්ලාස්ටික් ඇණ සවිකර තිබිණි එ්වා සාමාන්‍යයෙන් කුරුල්ලන්ගෙන් සහ බළලුන්ගෙන් මල්පැල ආරක්ෂා කිරීමට යොදා ගන්නා ඇණ වර්ගයකි.

තමන්වහන්සේ බැලීමට සහ ඇල්ලීමට එන සෙනඟ නිසා පුද්ගලික අවකාශය නැතිවීම ගැන යේසුස්වහන්සේ දැන සිටිසේක. වසර 12ක් රුධිර ගැලීමකින් පීඩා විඳිමින් සුවයක් නැතිව සිටි ස්ත‍්‍රියක් උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අත ගැසුවාය. එකෙණෙහිම ඇයගේ රුධිර ගැලීම නැවතිණි (ලූක් 8:43-44).

“මට අත ගැසුවේ කව්ද?” යන යේසුස්වහන්සේගේ ප‍්‍රශ්නය හිතන තරම් පුදුමසහගත නැත (45 පදය). තමන්වහන්සේගෙන් බලය නිකුත්වෙනවා උන්වහන්සේට දැනිණි (46 පදය). එම අතගැසීම අතපසුවීමෙන් උන්වහන්සේ ස්පර්ශවන අයට වඩා විශේෂිත විය.

අපගේ පුද්ගලිකත්වය සහ පුද්ගලික අවකාශය තබා ගැනීමට අප කැමති වුවද ලෝකයේ වේදනා විඳින ජනයාට උපකාර විය හැකි ක‍්‍රමය නම් අප තුළ සිටින ක‍්‍රිස්තුස්වහන්සේගේ දිරියෙන්, සහනයෙන් සහ අනුග‍්‍රහයෙන් ස්පර්ශවනු පිණිස ඔවුන්ට, අප වෙත ළංවීමට ඉඩ දීමය.