ජාත්‍යන්තර වෛද්‍ය තාක්ෂණික සඟරාවේ ලිපියක සඳහන්වන ආකාරයට ජංගම දුරකථනයක් දෙස ඔබගේ හිස නවාගෙන බලා සිටීම රාත්තල් 60ක බරක් ගෙල මත තබාගෙන සිටීමට සමානය. ලොව පුරා සෙනඟ මිලියන ගණනක් සාමාන්‍යයෙන් පැය 2-4ක් කාලයක් දිනපතා කියවමින් සහ කෙටි පණිවිඩ යවමින් ගත කිරීම සැලකූ විට ගෙලට සහ කොන්දට ඇතිවන සෞඛ්‍ය ගැටළුව අතිවිශාලය.

එසේම ජීවිතයේ කරදර බරින් ආත්මිකව නැවී යාමද සිදුවිය හැකිය. අපට එන ප‍්‍රශ්න සහ අප පේ‍්‍රමකරන අයගේ අවශ්‍යතා නිසා අප කොපමණ වරක් අධෛර්යයට පත්වූවෙමුද? ගීතිකාකරු කණස්සල්ලේ බර තේරුම් ගත්තේය. එහෙත් ඔහු බලාපොරොත්තුවෙන් දිවීය. “උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක. උන්වහන්සේ සදාකල්ම සත්‍යය පවත්වනසේක. උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ට කරනසේක. උන්වහන්සේ බඩගිනි වූවන්ට කෑම දෙනසේක. ස්වාමින්වහන්සේ හිරකාරයන් මුදනසේක. ස්වාමින්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක. ස්වාමින්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක. ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පේ‍්‍රමකරනසේක”යනුවෙන් ඔහු ලිවීය (ගීතාවලිය 146:6-8).

අප දෙවියන්වහන්සේගේ රැකවරණය, විශාල බලය සහ පේ‍්‍රමයේ හදවත සැලකූ විට ඉහළ බලා උන්වහන්සේට ප‍්‍රශංසා කිරීමට අපට පුළුවන. “ස්වාමින්වහන්සේ… සියලු පරම්පරා දක්වා රජකම් කරනසේක” (9 පදය) යන්න දැනගෙන දිනෙන් දින අපට ඉදිරියට යා හැකිය