වසර ගණනාවකට පෙර මට බොස්ටන් නගරයෙහි කාර්යාලයක් තිබිණි. එය මුහුණලා තිබුණේ ප‍්‍රසිද්ධ ඇමරිකානු විරුවන් තැන්පත් කර තිබූ ග‍්‍රැනරි සුසාන භූමියයි. එහි ජෝන් හැන්කොක් සහ සැමුවෙල් ඇඩම්ස්ගේ සොහොන් කොත් විය. ඔවුන් නිදහස ප‍්‍රකාශ කිරීමේ පත‍්‍රිකාවට අත්සන් කළ දෙදෙනෙකි. ඊට අඩි කිහිපයකට එහායින් පෝල් රෙව්රේගේ සොහොන් කොතය.

එහෙත් සුසාන භූමියේ කව්රු කොහේ වළලා ඇත්දැයි කිසිවෙක් හරියටම දන්නේ නැත. සොහොන් ගල් බොහෝවර එහා මෙහා කර ඇත. සමහර විට එ් සුසාන භූමිය වඩා අලංකාර කිරීමටය. තවත් විටක තණකොල කපන යන්ත‍්‍රය ගෙනයෑමේ පහසුවටය. සොහොන් ගල් 2300ක් එහි තිබුනද  5000ක්  පමණ එහි වළලා ඇත. මරණයේදී පවා සමහරුන් සම්පූර්ණයෙන් හඳුනා නොගැනේ.

සමහර විට අපද ග‍්‍රැනරි සුසාන භූමියෙහි සිටින අය මෙන් යැයි අපට සිතෙනු ඇත. කව්රුත් නොදනී, කාටත් නොපෙනේ. අපට දැනෙන තනිකම නිසා අන් අයටත් සමහර විට දෙවියන්වහන්සේටත් අප පෙනෙන්නේ නැතැයි අපට සිතිය හැකිය. එහෙත් අප මතක් කර ගත යුත්තේ මැවුම්කාර දෙවියන්වහන්සේ අප අමතක කර ඇතැයි අපට සිතුනද එසේ නොවනබවය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් අප මැවුවා පමණක් නොවේ (උත්පත්ති 1:26-27). උන්වහන්සේ තනි පුද්ගලයන් ලෙස අප අගය කරන අතර අප ගළවන පිණිස තම පුත‍්‍රයාණන් එවූසේක (යොහන් 3:16).

අපගේ අඳුරුම පැයේදී පවා අප තනි නැතැයි අප දන්නා නිසා අපට සැනසිය හැකිය. අපගේ පේ‍්‍රමණීය දෙවියන්වහන්සේ අප සමඟය