නිල් පෑන් භාවිතා නොකරන අමුතු පුරුද්දක් පත‍්‍රකාලාවේදියෙකු සතු විය. දිනක් සහෝදර සේවකයෙකු කඩෙන් යමක් අවශ්‍යදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු පෑන් ටිකක් ගෙන එන්නැයි කීවේය. “එහෙත් නිල් නොවේ, නිල් පෑන් මට එපා.නිල්
බර වැඩියි. එ් නිසා නිල් හැර ඕනෑම පෑන් 12ක් ගෙනෙන්න!”  ඔහු කීවේය. ඊළඟ දවසේදී මිත‍්‍රයා ඔහුට පෑන් දුන්නේය. එ්වා සියල්ල නිල්පාට විය. ඊට හේතුව ඇසූ විට ඔහු කීවේ “ඔයා නිල්, නිල්! කියා කිව්වා!එය තමයි මගේ සිතේ ගැඹුරටම ගියේ!” කියාය. ලේඛකයාගේ පුනපුනා කීමෙහි ප‍්‍රතිඵලයක් තිබිණි. එහෙත් එ් ඔහුට අවශ්‍යවූ ප‍්‍රතිඵලය නොවීය.

ඉශ‍්‍රායෙලයේ ව්‍යවස්ථාදායකයා වූ මෝසෙස්ද තම සෙනඟගෙන් ඉල්ලීම් කරන විට පුනපුනාකීම භාවිතා කළේය. 30 වරකට වැඩි ප‍්‍රමාණයක් ඔහු තම සෙනඟගෙ න් ඉල්ලා සිටියේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සත්‍යවාදීව සිටින ලෙසය. එහෙත් ප‍්‍රතිඵලය වූයේ ඔහු ඉල්ලූ දේවල ප‍්‍රතිවිරුද්ධ දෙයයි. ඔහු ඔවුන්ට කීවේ කීකරුකම ඔවුන්ව ජීවිතය සහ සමෘද්ධිය වෙත ගෙනයන බවත් අකීකරුකම විනාශය කරා ගෙන යන බවත්ය .(ද්විතීය කථාව 30:15-18).

අප දෙවියන්වහන්සේට පේ‍්‍රමකරන විට අපට උන්වහන්සේගේ මාර්ගයේ යාමට අවශ්‍යවේ. එ් අප ප‍්‍රතිඵල වලට භය නිසා නොව එහෙත් අප පේ‍්‍රමකරන තැනන්වහන්සේ සතුටුකිරිමට අපට අවශ්‍ය නිසාය. එය මතක තබා ගැනීමට හොඳ වදනකි.