මගේ පියා ඔහුගේ මහළු වයසේදී කිතුනුවෙකුවූ පසු පරික්ෂාව පරාජය කිරීමට ඔහු යෙදූ සැලස්මෙන් මම විස්මපත් වීමි. සමහර අවස්ථාවල ඔහු කිසිවක් නොකියා එතැනින් ඉවත් විය. උදාහරණයක් ලෙස ඔහුත් අසල්වැසියෙකුත් අතර කථාවක් රණ්ඩුවක් දක්වා දුරදිග යාමට සැරසුණු විට ඔහු රණ්ඩුවීමට ඇති පරික්ෂාව පසෙක තබා මොහොතකට එතැනින් ඉවත්වයයි.

දිනක් ඔහු මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට ගිය විට ඔවුන් රා වර්ගයක් ගෙනාවෝය. මගේ පියා පෙර කාලයේ බීමත්කමට ඇබ්බැහිවී සිට ඉන් ඉවත් වීමට තීරණය කළ අයෙකි. එහෙයින් ඔහු තම පැරණි මිතුරන්ට  “ගිහින් එන්නම්” කියා වෙනත් දිනක හමුවනතෙක් එතැනින් පිටත්ව ගියේය.

උත්පත්ති පොතේ පොතිඵර්ගේ භාර්යාව යෝසෙප් පරික්ෂා කළ ආකාරය අපි දනිමු. ඇයට කීකරුවුවහොත් “දෙවියන්වහන්සේට විරුද්ධව” තමා පව්කරන බව දැන ඔහු පලා ගියේය. (උත්පත්ති 39:9-12).

නිතරම පරික්ෂාව අපගේ දොරට තට්ටු කරයි. සමහර විට එය එන්නේ අපගේම ආශාවලින් විය හැකිය. තවත් විටෙක තත්ත්වයන් හෝ අපට මුණගැසෙන පුද්ගලයන් තුළින් විය හැකිය. පාවුල් කොරින්තිවරුන්ට කී ලෙස  “මනුෂ්‍යා විසින් ඉසිලිය හැකි පරික්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණුනේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරික්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරික්ෂාව ඉවසිය හැකිවන පිණිස එ් සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක” (1 කොරින්ති 10:13).

“ගැළවෙන මාර්ගය” පරික්ෂාව එන කාරණා ඉවත් කිරීම හෝ ඒවායින් පැන දිවීම විය හැකිය. අපගේ හොඳම කි‍්‍රයාමාර්ගය එතැනින් ඉවත්වීමය.