මේ අය කෙසේ මාව සොයා ගන්නේ දැයි මම නොදනිමි. එහෙත් මා හට විශ‍්‍රාම සැලසුම් ඉගැන්වීමට ඔවුන්ගේ වැඩසටහන් වලට එන්න යැයි බොහෝ ආරාධනා ලැබේ. එය ආරම්භ වූයේ විශ‍්‍රාමිකයන්ගේ සංවිධානයකට බැඳෙන්න යැයි මට ආරාධනා ලැබූ දින සිටය. ඒ සියලු මතක් කිරීම් වලින් මට කියන්නේ “ඔබ වයසට යනවා, සූදානම් වන්න.” කියාය.

මම එම ආරාධනා සියල්ල නොසලකාහැර ඇත්තෙමි. එහෙත් නදුුරු අනාගතයේදී ඔවුන්ගේ රැස්වීම් වලින් එකකට හෝ යන්නට මට සිදු වේ. ඔවුන්ගේ යෝජනා මත ඇත්තෙන්ම මා ක‍්‍රියාත්මක විය යුතුවේ.

සමහර විට දේව වචනයේ ප‍්‍රඥාව තුළද මම ඊට සමාන මතක් කිරීම් දකින්නෙමි. එම පරිච්ඡේදය අප ගැන කියන දෙය සත්‍ය බව අපි දනිමු. එහෙත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට අප තවම සුදානම් නැත. සමහර විට එය රෝම 14:13 වැනි “එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු” වැනි පදයක් හෝ 2 කොරින්ති 9:6හි ඇති “නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය” නැතිනම් පිලිප්පි 1 වන පරිච්ඡේදයේ “නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්ය කරමින් විරුද්ධව සිටින්නන්ට… භීත නොවී” (27:28 පද)  වැන්නක් විය හැකිය.

අප දේව වචනය කියවන විට, අපට වැදගත් මතක් කිරීම් ලැබේ. තමන්වහන්සේට ගෞරවය දෙන්නාවූද අපට හොඳවූද දෙය සැම විට දන්නා පියාණන්ගේ හදවතින් එ්වා පැමිණෙන බැවින් අපි එ්වා බැරෑරුම් ලෙස සලකමු