ග‍්‍රෑන්ඩ් රැපිඩ්ස් මිචිගන්හි ස්ත‍්‍රියකට, තම ස්වාමිපුරුෂයා ඇඳට ගිය පසු පුටුව මතම නින්ද ගොස් තිබේ. සොරෙකු ඔවුන්ට අගුල් දැමීමට අමතකවූ දොරකින් ගෙට ඇතුළුවී ස්වාමිපුරුෂයා සිටි කාමරයට ගොස් රූපවාහිනී යන්ත‍්‍රය අතට ගත්තේය. ස්වාමිපුරුෂයා නින්දෙන් පිබිදී, සිටගෙන සිටි කෙනෙකු දුටුවේය. “ඩාලිං ඇඳට එන්න” යැයි ඔහු කීවේය. සොරා භයවී රූපවාහිනිය අතහැර මේසය උඩ තිබූ සල්ලි මිටියක් ගෙන පලාගියේය.

සොරාට විශාල පුදුමයකට මුහුණ දීමට සිදුවිය. එ් සල්ලි, කිතුනු පත‍්‍රිකා මිටියකි. එක් පැත්තක ඩොලර 20ක අනුරුවක්ද අනෙක් පැත්තේ සෙනඟට දෙවියන්වහන්සේ දෙන්නාවූ පේ‍්‍රමය සහ සමාව පිළිබඳ විස්තරයක්ද තිබිණි. ඔහුට බලාපොරොත්තුවූ මුදල් වෙනුවට දෙවියන්වහන්සේ තමන්ට තබා ඇති පේ‍්‍රමය දැනගන්නට ලැබිණි.

යේසුස්වහන්සේගේ අනුගාමිකයින්ට පීඩාකරමින් ඔවුන් මරමින් සිටි සාවුල්ට දමස්කයට යන අතර මඟ යේසුස්වහන්සේ මුණගැසුණ විට ඔහු බලාපොරොත්තුවූයේ කුමක්දැයි අපි නොදනිමු (ක‍්‍රියා 9:1-9). පසුව පාවුල් බවට පත්වූ සාවුල් තමන් කෙරෙහි දක්වන ලද දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙන් පුදුමවන්නට ඇත. පසුව ඔහු එය “දීමනාවක්” ලෙස හැඳින්වීය. “දෙවියන්වහන්සේගේ බලයේ ක‍්‍රියාකිරීමේ ප‍්‍රකාරයට මට දෙන ලද උන්වහන්සේගේ එ් කරුණාවේ දීමනාවේ හැටියට මම එ් ශුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි” (එපීස 3:7).

උන්වහන්සේ තම ප්‍රේමය සහ සමාව ඔබ ජීවිතයේ පෙන්වන අතර දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයේ දීමනාවෙන් ඔබ පුදුම වී සිටීද?