මම අවශ්‍ය දේ දනිමි. එහෙත් මම තවමත් උත්සාහ කරමි. ලේබලයේ ඇති උපදෙස් පැහැදිලිය. “සම්පූර්ණ හිරු එළිය අවශ්‍යවේ.” අපගේ වත්තේ වදුල වැඩිය. සම්පුර්ණ හිරු එළිය අවශ්‍ය ශාඛ වලට එය යෝග්‍ය නොවේ. එහෙත් මම එම ශාඛයට කැමතිය. එහි පාට, කොළ වල හැඩය, එහි ප‍්‍රමාණය, එහි සුවඳ යනාදියට මම කැමතිය. එහෙයින් මම එය මිළ දීගෙන ගෙදර එමි, සිටුවමි, එය හොඳින් රැකබලා ගනිමි. එහෙත් මාගේ නිවසේදී ශාකය සතුටින් සිටින්නේ නැත. මාගේ රැකවරණය සහ අවධානය ඊට මදිය. එයට හිරුඑළිය අවශ්‍යය. එය දීමට මට බැරිය. අවශ්‍ය හිරු එළිය පිරිමැහීම සඳහා වෙන වර්ගයේ අවධානයක් දීමෙන් ප‍්‍රශ්නය විසඳේ යැයි මම කල්පනා කරමි. එහෙත් එය එසේ වන්නේ නැත. ශාකවලට අවශ්‍ය දේවල් එ්වාට අවශ්‍යමය.

අපද එසේමය. ප‍්‍රමිතියට අඩු තත්ත්වයන් වල ටික කලක් අපට පැවතිය හැකිය. එහෙත් අපට එහි සඵලවත් විය නොහැකිය. අපගේ මූලික භෞතික අවශ්‍යතාවලට අමතරව වෙන ආදේශකයක් නොමැති ආත්මික අවශ්‍යතා අපට තිබේ.

දේව වචනය අපට කියන්නේ ඇදහිලිවන්තයින් ආලෝකයේ දරුවන් කියාය. එහි තේරුම නම් සඵලවත් වීමට දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සම්පූර්ණ ආලෝකය අපට අවශ්‍ය වන බවය (ගීතාවලිය 89:15). අප අන්ධකාරයේ සිටීමට උත්සාහ කරන්නේ නම් අප “ඵල නැති ක‍්‍රියා” හැර වෙන කිසිවක් නිපදවන්නේ නැත (එපීස 5:3-4, 11). එහෙත් අපි යේසුස්වහන්සේගේ ආලෝකයේ එනම් ලෝකයේ ආලෝකයේ ජීවත් වන්නෙමු නම් අපි උන්වහන්සේගේ ආලෝකයේ ඵල දරමු. එය හොඳය, විශ්වාසවන්තය, සත්‍යය.