අපගේ පවුලට මාර්තු මාසය යනු ශීත සෘතුව අවසන් වීම පමණක් නොවේ. එහි අර්ථය අන්තර් විදුහල් පැසිපන්දු උත්සවයක් වන “මාර්තු වියරුව” පැමිණ ඇත යන්නය. උද්යෝගිමත් රසිකයන් ලෙස අපි උනන්දුවෙන් තරඟාවලිය නරඹමින් අපගේ කණ්ඩායම් වලට ඔල්වරසන් දෙන්නෙමු. අප වේලාසනින් රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළහොත් විචාරකයින්, එන්නාවූ තරඟය ගැන කියන දේ වලට ඇහුම්කන් දිය හැකිය. එසේම ක‍්‍රීඩකයන් තම හවුල් ක‍්‍රීඩකයන් සමඟ පුහුණු වෙනවාද දැකිය හැකිය.

මෙලොව අපගේ ජීවිතයද පැසිපන්දු ක‍්‍රීඩාවේ පෙරහුරු තරඟ මෙනි. ජීවිතය විනෝදජනකය, අනාගත සිහින වලින් එය පරිපූර්ණය. එහෙත් ඉදිරියෙහි ඇති දේවල් සමඟ සංසන්දනය කිරීමට ඊට නොහැකිය. ජීවිතය හොඳින් ගත වන කාලයකදී පවා හොඳමදේ තවමත් පැමිණ නැතැයි දැන සිටීම කෙතරම් මනහරද. එසේම අවශ්‍යතාවලින් සිටින අයට අප සතුටු සිතින් දෙන විට එය ස්වර්ගීය ආයෝජනයකි. වේදනාවේ සහ දුකේ කාලයන්හිදී, වේදනා නැති, කඳුළු නැති සදාකාලයක් අපට ඇත යන සත්‍යය ගැන ආවර්ජනය කිරීමෙන් අපට බලාපොරොත්තුව ලැබේ. එහෙයින් “උසස් තැන්හි තිබෙන දේම සලකන්න” යැයි පාවුල් පැවසීම පුදුමයක් නොවේ (කොලොස්සි 3:2).

දෙවියන්වහන්සේ අපට පොරාන්දු වී ඇති අනාගතය අපට ජීවිතය දෙස අලුත් පැති වලින් බැලීමට හැකියාව දෙයි. මෙය ශ්‍රේෂ්ඨ ජීවිතයක් වුවද හොඳම දෙය තවම පැමිණ නැත. අනාගතය ගැන අවබෝධයක් ඇතිව මෙහි ජීවත් වීම මනහරය.