අතින් කපන ලද ලී කොට වලින් සාදන ලද ඓතිහාසික නිවස සඟරාවක පිටකවරයට සුදුසු පෙනුමෙන් යුතු විය. එම ව්‍යුහය පමණක් ගත් විට එය වස්තුවෙන් භාගයක් පමණි. එය තුළ පරම්පරාවලින් එන පවුලේ වස්තුව බිත්ති අලංකාර කළේය. ඒවා සියල්ල සමඟ මතකයන් විය. මේසය උඩ අතින් වියන  ලද බිත්තර කූඩයක්, පුරාණ පාන් කපන ලෑල්ලක් සහ පහනකි. ඉදිරිපස දොේර වැස්සට සහ අව්වට පදම්වූ තොප්පියකි. නිවසේ සාඩම්බර හිමිකරුවා කීවේ සැම දෙයක් පසුපසම කතාවක් ඇත කියාය.

කූඩාරම සෑදීමට දෙවියන්වහන්සේ මෝසෙස්ට අණ දෙන විට සැම දෙයක් පිටුපසම කතාවක් විය (නික්මයාම 25-27).
කූඩාරමට තිබුණේ එක් දොරකි. දෙවියන්වහ්නසේ වෙත අපට ඇති එකම දොරටුව මෙනි (ක‍්‍රියා 4:12). දෙවියන්වහන්සේගේ අභිමුඛය පිහිටා තිබූ අතිශුද්ධ ස්ථානය රළු රෙදි වලින් සාදන ලද තිරයකින් වෙන්වී තිබිණි. අපගේ පාපය අප දෙවියන්වහන්සේගෙන් වෙන් කරයි. අතිශුද්ධ ස්ථානය අභ්‍යන්තරයේ ගිවිසුම් පෙට්ටිය තිබිණි. එය සංකේතවත් කළේ
දෙවියන්වහන්සේගේ වැඩ සිටීමය. උත්තම පූජකයා එන්නාවූ ශ්‍රේෂ්ඨ පූජකයාණන් වන යේසුස්වහන්සේගේ පූර්වාදර්ශයක් විය. පූජාවන්ගේ රුධිරය ක‍්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ පූජාව සංකේතවත් කළේය. “තමන්ගේ ලේ කරණකොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන  එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක” (හෙබ්‍රෙව් 9:12).

මේ සියල්ල ප‍්‍රකාශ කර සිටියේ ක‍්‍රිස්තුස්වහන්සේගේ කතාන්දරයත් උන්වහන්සේ අප වෙනුවෙන් කිරීමට  බලාපොරොත්තුවන්නාවූ දේත්ය. උන්වහන්සේ එය කළේ “කැඳවනු ලැබූවාවූ තැනත්තන්ට සදාකාලයේ උරුමයේ පොරොන්දු ලැබෙන පිණිසය”(15 පදය). උන්වහන්සේගේ කතාන්දරයේ කොටසක් වීම සඳහා යේසුස්වහන්සේ අපට ආරාධනා
කරනසේක